❄05

202 31 338
                                    

When I see you, who is like an innocent child
I start to laugh too for no reason
***

.
.

Miracles in December: Chapter 05

.

Hyung ?

Loey ව තනියෙන් තියලාද ආවේ ?

Hyung කතා කරන්නකෝ.

JunMyeon-ah...

එයාව බලාගන්න කෙනෙක් ඉන්නවා

අර ගෑනි කියලා නම් කියන්න එපා..

නෑ baekhyun-ah, වෙන කෙනෙක්..

කවුද? studio එකේ එක් කෙනෙක්ද?

නෑ කෙල්ලෙක්...

කෙල්ලෙක් ? ඒ කවුද ??

Hyung ?

කෑ ගහන්න එපා බන්.. මං දන්නෙත් නෑ ඒ කවුද කියලා.

Junmyeon-ah.. විස්තරේ කියන්නකො පැහැදිලිව.

Minseok, Junmyeon ගෙ උරහිසට තට්ටුවක් දාගෙනම Junmyeon ගාවින් ඉඳගත්තා. ලොකු හුස්මකුත් පිට කරලා Junmyeon අග ඉඳන් මුලටම කතාව කියද්දි වටේ හිටිය සෙට් එක ඒක අහගෙන හිටියේ කටවලුත් බාගෙට ඇරගෙන...

Junmyeon ට ඉන්න එපා කියලා යෙහෙලිව ගෙන්නගත්ත හැටි ඉඳන් යෙහෙලි chanyeol ට සාත්තු කරපු හැටි වෙනකන්ම Junmyeon කට්ටියට කිව්වා. කතාව ඉවර වෙද්දි කට්ටියගෙම හිත් වල ප්‍රශ්න ගොඩ ගැහිලා තිබ්බත් හැමෝටම තිබ්බ ලොකුම ප්‍රශ්නේ chanyeol ගෙ හිතේ ඇත්තටම යෙහෙලිට කැමැත්තක් තියෙනවාද කියලා විතරයි. වෙන කාලෙකදි වගේ නම් ඒ ⁣වගේ දෙයක් සාමාන්‍ය වෙන්න තිබ්බා. මොකද idols ලා වුනත් තමන්ගෙ හැඟීම් තමන්ගෙ හිතෙ තියෙන දේවල් ලෝකෙන්ම හැංඟුවට කාලෙන් කාලෙට කොල්ලො ටිකගෙ හිත ගිය කෙල්ලො කීප දෙනෙකුත් නොහිටියාම නෙවෙයි. ඒ වෙලාවට නම් කට්ටියම කරන්නෙ කෙල්ල ගැන කිය කිය කොල්ලාට විහිලු කරන එක. ඒ නිසා ඒක තවත් එක සාමාන්‍ය දෙයක් විදියට විහිලු කරලා හිනා වෙලා අයින් කරන්න තිබ්බා. ඒත් මේ සැරේ ඒ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්. loey ගෙ marriage එක announce කරලා තියෙද්දිත් කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක ඉන්න එක කවුරු හරි දැක්කොත් ඒක එදෙ මෙසේ ප්‍රශ්නයක් වෙන එක ආය අමුතුවෙන් කාටවත් මතක් කරලා දෙන්න දෙයක් නෙවෙයි  ඒ නිසාමයි කට්ටියම අලුත් ආරංචියෙන් කලබල වුනේ.

Miracles In December [ONGOING]Where stories live. Discover now