❄17

14 6 2
                                    

Even if the world come crashing down tonight, wе'll be fine
***

.
.

Miracles in December: Chapter 17

.
.

@RPC Company

'අපි මොනා හරි බොන ගමන් නිවි හැනහිල්ලෙ කතා කරමු..'

Meeting room එකෙන් එලියට යන ගමන් hyejin කිව්වෙ යෙහෙලිගෙ වැලමිටට ටිකක් උඩින් අතත් අල්ලගෙන.. හිතට මොකක්දො නුහුරු බවක් දැනෙද්දි වෙන කරන්නම දෙයක් නැති තැන කෙල්ල hyejin පස්සෙන් වැටුනෙ අතරමං වුන පූස් පැටියෙක් වගේ..ඒකට තවත් හේතුවක් තිබුනා.. hyejin යෙහෙලිවත් එක්කගෙන meeting room එකෙන් එලියට එද්දි Songha ගෙ බය වුනු මූන කෙල්ලට ගෙනාවෙ අමුත්තක්.. Mrs.Choi, එහෙම නැත්තන් hyejin, office එකේ employees ලාගෙන් වැඩි පුරම හිතවත් වෙලා හිටියෙ යෙහෙලිට කියන එක Songha  තරම් වෙන කවුරුත් දැනගෙන හිටියෙ නෑ කියලා කෙල්ලට විශ්වාසයි.. 'එහෙනම් එයාට බය වෙන්න තරම් දෙයක් තිබ්බද?' යෙහෙලි එයාගෙන්ම ප්‍රශ්න කලා... කෙල්ලවත් එක්කගෙනම office එකෙන් එලියට ආපු hyejin නැවතුනෙ වැඩිය සෙනඟ ගැවසෙන්නෙ නැති cafe එකක් ලඟ..

"ඉතින් යෙහෙලි... ගොඩ දවසකින්..."

hyejin කිව්වෙ අතේ තිබුන කලු පාට දිග පර්ස් එක මේස උඩින් තියලා වාඩි වෙන ගමන්. එක අතකින් මූනට වැටෙන කෙකස් රොදක් කන පිටි පස්සට කරන ගමන් hyejin වට පිට බැලුවා.. එහෙම නැත්තන් සෝදිසි කලා කිව්වත් හරි...

"සමාවෙන්න මැඩම්... මගෙ අතින් වෙලා තියෙන්නෙ ලොකු වැරැද්දක්... මට තාම විශ්වාස කරන්න බෑ ඒ තරම් ලොකු වැරැද්දක් කොහොමද වුනේ කියලා... මම කලින් report එක බලද්දිවත්..."

"ඒ ගැන දැන් අමතක කරමු... කොහොමත් ඒ දේ දැන් සිද්ද වෙලා ඉවරනෙ... එහෙමනෙ?... දැන් තියෙන්නෙ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් සිද්ද වුන දේවල් ආය හරි ගස්සන එක මිසක්, වැරැද්ද කොහොමද වුනෙ කාගෙ අතින්ද වුනෙ කියන එක හොය හොය කාලෙ නාස්ති කරන එක නෙවෙයි... "

hyejin ගෙ වචන වල තිබ්බ බරටම කෙල්ලගෙ ඔලුව බිමට බර වුනා..

"තේරුනා මැඩම්.."

යෙහෙලි කිව්වෙ ඇහෙන නෑහෙන තරමට.. table එක ලඟට ආපු waitress ගෙන් iced americano දෙකක් order කරපු hyejin හරි බරි ගැහිලා පුටුවේ වාඩි වුනා..

Miracles In December [ONGOING]Where stories live. Discover now