❄19

12 5 6
                                    

I know you somewhere out there, somewhere far away.

***

.
.

Miracles in December: Chapter 19

.
.

Years ago...

Seoul නගරෙ හරි මැද තියන Naksan කියන්නෙ තනි ගලින් හැදුනු කන්දක්.. රජ දවස් වල ඉඳන්ම කාගෙත් අවධානෙට ලක්වුනු නිසාම ජපන් කොලනි කාලෙත් ජපනුන්ගෙ ඇස් වලින් Naksan බේ⁣රුනෙ නැ.. අන්තිමේදි ටික ටික අගාදෙට වැටෙමින් තිබ්බ Naksan බේරගන්න 2002දී ඒක උද්‍යානයක් වුනේ ඒ අවුරුද්දෙ තිබුන රජයෙ අදහසක් මත.. අද වෙද්දි Naksan කියන උද්‍යානය කියන්නෙ Seoul නගරෙට එන හැමදෙනාගෙම නවාතැනක්.. පැය කිහිපයකට හරි ඇවිත් යන්න, ඇවිත් හිත නිවාගන්න Naksan කියාපු තැනක්.. කාර්යබහුල Seoul අගනගරෙ මැද තියන Naksan, ගොඩක්ම ලස්සන රෑට.. ලයිට් එලියට දිලිසෙන Seoul නගරෙ බලන්න හැමදාම රෑට Naksan උද්‍යානයට එන අයත් ඉන්නවා... ඒ අතරින් ආදරවන්තයො විශේෂයි...

Naksan කියන්නෙ ආදරේ කරන අයටම හදපු තෝතැන්නක්.. Naksan වටේට විහිදිලා තියන අඩිපාර මායිම් වන ගල් බැම්මට බර වෙලා රෑ අහස බලන ආදරවන්තයො හැමදාම වගේ දකින්න පුලුවන්.. රෑට සීතල වුනත් තමන් ආදරේ කරන කෙනාගෙන් දැනෙන උණුහුමත් එක්ක ඒ සීතල දැනෙන්නෙ ඇබ්බැහි වෙන විදියකට..

මේ ගල් බැම්ම, මේ අඩිපාර, කුලුඳුල් බැඳීම් වල ඉඳන් පරිණත බැඳීම් වෙනකන්ම කී දාහක් නම් අත්විඳින්න ඇත්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ගල් බැම්ම, මේ අඩිපාර, කුලුඳුල් බැඳීම් වල ඉඳන් පරිණත බැඳීම් වෙනකන්ම කී දාහක් නම් අත්විඳින්න ඇත්ද... සමහර දවස් වල රෑට හඳ එක්ක තරු සාද දාද්දි Naksan බලන් හිටියෙ දාස් ගානක් වුනු ආදරවන්තයො පිරි වරාගෙන... ඒත් Naksan හිටියෙ කවදත් තනියමයි.. අලුත් ආදර කතා ඇති වෙන හැටි, පරණ ආදර කතා අලුත් වෙන හැටි වගේම ශක්තිමත්ම ආදර කතාත් කැඩිලා බිඳිලා යන හැටි Naksan බලාගෙන හිටියෙ කවදත් තනියෙන්.. ඒ අත්දැකීම් ගොඩට තවත් අලුත් ලස්සන ආදර කතාවක් එකතු වෙන්න ලියවිලා තිබුනත් ඒක පරවෙලා ගියෙ Naksanටත් හොරෙන්... මේ දේවල් මේ විදියට නොවුනා නම් අද Chanyeol මේ Naksan කන්ද මුදුනේ හද එලිය යට ඉදන් Jaeheeට propose කරනවා.. ඒත් ලස්සනම හීනයක් වැලි යට හැංගෙද්දි නරකම හීනයක් හිතපු නැති විදියට අද හැබෑ වෙලා..

Miracles In December [ONGOING]Where stories live. Discover now