❄20

19 4 4
                                    

One toss and turn, you fade. Alone, it was all a dream
***

.
.
.

Miracles in December: Chapter 20

.
.

Years ago,

@Seoul Police Station

Chanyeol එක්කම Kyungsoo ත් බලාගෙන හිටියෙ ඉස්සරහ හිටිය පොලිස් නිලධාරියා කිසි කලබලයක් නැතුව files ටික පෙරල පෙරල බලන දිහා. Chanyeol ව මාංචු වලින් නිදහස් කලාට පස්සෙත් ඉතුරු වැඩ කටයුතු වලට කොල්ලාව පොලිසීයේ තියාගත්තෙ මිනීමැරුම වෙලාවෙදි Chanyeol හිටියෙ කොහෙද කියන එකත් තහවුරු කරගත්තට පස්සෙ. ඒ වෙනුවෙන් සාක්කි දෙන්න කෙනෙක්ව ගෙන්නන්න සිද්ද වෙද්දි Chanyeol ඒකට තෝරගත්තෙ Kyungsooව. කාර්යබහුල වෙලා තිබුන ඒ මුලු හෝල් එක පිරෙන්නම තැන තැන තිබුනෙ, ⁣පොලීසියෙ අයයි සාමාන්‍ය මිනිස්සුයි දෙගොල්ලොම එකට වාඩි වෙලා හිටිය මේස ගොඩක්. සමහරු පොලීසියෙ අයත් එක්ක හරි හරියට කියෙව්වෙ එයාලාට වුන කරදර ගැන. සමහරු වාද කලේ එයාලාගෙ නිර්දෝශී බව පෙන්නන්න.. මේ හැම දෙයක් දිහාම ඔලුව හැම පැත්තටම හරවන ගමන් Kyungsoo බලන් හිටියෙ ඇස් දෙකත් බෝල කරගෙන. ඒත් Chanyeol ඇස් දෙකත් බිමට හරවගෙන ඔහේ කල්පනා කර කර හිටියෙ සිද්ද වුන කිසිම දෙයක් තවමත් හරියට විශ්වාස කරගන්න බැරුව..

කොල්ලො දෙන්නම ඉඳගෙන හිටිය මේසෙ ලඟට file වගයකුත් අරගෙන ආපු දෙවෙනි පොලිස් නිලධාරියා නිසා වටේටම කැරකි කැරකි තිබුන Kyungsoo ගෙ  ඇස් දෙක ආපහු ඉස්සරහට හැරුනා.

"මේක සිද්ද වෙලා තියෙන්නෙ අද පාන්දර 1-3ත් අතරෙ වගේ.. silencer එකක් පාවිච්චි කරලා තියනවා.. ඒකයි වටපිටාවෙ හිටිය අයට කිසිම සද්දයක් ඇහිලා නැත්තෙ.."

අලුතින්ම ලැබුන file එක පෙරලන ගමන් අන්තිමේදි මැදි වයසෙ වගෙ හිටිය පලවෙනි පොලිස් නිලධාරියා කතා කරනවත් එක්කම Chanyeol ගෙ ඇස් හිමිහිට උඩට හැරවුනා..

"පිරිමි ලමයාගෙ මරනේ සිද්ද වෙලා තියෙන්නෙ ඔලුවට වැදුන වෙඩි පාර එක්ක. ඊට අමතරව එයාගෙ ඇ⁣ඟෙ වෙඩි පාරවල් පහක් හම්බ වෙලා තියනවා. මේවා හරි නම් කියන්න බැහැ.. ඒත් ඔයාලාට විස්තර දැනගන්න ඕන කියපු නිසා මම මේ ටික කියන්නෙ..."

You've reached the end of published parts.

⏰ Last updated: Sep 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Miracles In December [ONGOING]Where stories live. Discover now