❄01

250 37 61
                                    

How fast the night changes
***
.


.

Miracles In December: Chapter 01

.

යෙහෙලි අෑතින් පේන Seoul නගරෙ දිහා බැලුවෙ ලියුම් කවරෙත් අතේ තියාගෙන. කෙල්ල හිටියෙ ලෝක දෙකක අතරමං වෙලා. අතේ තිබ්බ ලියුම් කවරෙ බර එන්න එන්නම වැඩි වෙනවා වගේ දැනෙද්දි, කොහෙදෝ අෑතක අතරමං වෙලා තිබුන අැස් ඉබේටම අැවිත් නතර වුනේ ලියුම් කවරේ ගාව.

මට වෙන කරන්නම දෙයක් නැද්ද?

කෙල්ලගෙ හිත කෙල්ලගෙන්ම අහනවා. එ් අස්සෙ කෙල්ලට අැහෙන්නෙ කෙල්ලගෙ ඉස්සරහින් ඉඳන් ඉන්න hyejinගෙ  දිගට වැවුන නියපොතු වලින් නොඉවසිල්ලෙන් මේසෙට තට්ටු කරන සද්දෙ. Hyejin ගෙ අැස් යෙහෙලි දිහාවටම හැරිලා තිබුනෙ කෙල්ලගෙ මූනෙන් පලවෙන හැම ඉඟියක්ම අල්ලගන්න වගේ.

මොකක්ද ඔයාගෙ තීරනේ?

Hyejin යෙහෙලිගෙන් අැහුවෙ පස්වෙනි වතාවට. ටිකක් බය කලා නම් තමන්ට ඕන වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්කම තියෙද්දිත් hyejin තෝරගත්තෙ අමාරු පාරක්. කෙල්ලව හිර කරන්න ඕනතැන් මොනාද,කෙල්ලගෙ weak points මොනාද  කියනඑක hyejin හොයාගත්කෙ මාස ගානක මහන්සියක ප්‍රතිඵලයක් විදියට.ඒ මාස ගානක මහන්සිය එකපාරින් විනාස වෙලා යනවාට hyejin කොහෙත්ම කැමති වුනේ නෑ. අනිත් අතට hyejin ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් අනාගතේ සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ මේ වැඩේට යෙහෙලිව නම්ම ගත්තොත් විතරයි කියලා එයා හොඳටම දැනන් හිටියා. ඒත් ඊටත් වඩා දෙයක් Hyejin ⁣ගෙ යටි හිතේ හැංගිලා තිබ්බා. ඒකයි එයා ඉවසුවේ. එ්ත් හැම සැරේකදිම වගේ කෙල්ල ලොකු හුස්මක් පිට කරන ගමන් මේ සැරේත් දුන්නෙ එකම උත්තරේ.

මං දන්නෙ නෑ....

hyejin ලොකු හුස්මක් පිට කලේ තව ටිකක් ඉවසන්න හිත හදාගෙන. බලාපොරොත්තු අතෑරගන්න එයා කැමති වුනෙ නෑ. අන්තිමට එයා ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටෙ තීරණයක් අරගෙන.

මං දන්නවා ඔයා ඉන්න තත්වෙ... ඔයාට මේ වෙලාවෙ තීරණයක් ගන්න අමාරු ඇති. ඒත් ඔයාම තීරණය කරන්න, ඔයාගෙ අතින් වුන වැරැද්දක් නිසා ඔයා ඔයාගෙයි ඔයාගෙ husband ගෙයි මුලු ජීවිතේම විනාස කරනවාද කියලා. මේ දේවල් පිටට ගියොත් chanyeol ගෙ career life එක අඩියටම වැටෙන්න මහ ලොකු වෙලාවක් යන්නෙ නැහැනෙ. ඒක ඔයාත් දන්නවා. හිමීට හිතලා බලන්න. ඒත් your time is limited. ඔයාට පුලුවන් ඕන වෙලාවක මට කෝල් කරන්න. එහෙම නැත්තන් අපි දෙක්නා කවදාවත් හම්බ වුනේ නෑ කියලා මතක තියාගන්න.  එතකොට ඕක... ඕක ඔයා තියාගන්න...

Miracles In December [ONGOING]Where stories live. Discover now