❄09

149 30 35
                                    

Mutual misunderstanding after the fact, sensitivity builds a prison in the final act.
☆♡☆

Miracles in December: Chapter 10

-Flashback-

මුලු රෑම නින්දකුත් නැතුව කල්පනා කරපු Minseok එලිය වැටෙද්දිම වගේ dorm එකෙන් එලියට බැස්සෙ අනිත් අයට නොදැනෙන්න.. Taeyong එවපු address එක හොයාගෙන drive කරපු කොල්ලා අන්තිමේදි කාර් එක නැවැත්තුවෙ තට්ටු ගානක් උස Apartment එකක් ලඟ.. බැලූ බැල්මෙන් පොහොසත් පවුල් වල මිනිස්සු ජීවත් වෙන තැනක් කියලා කියන්න පුලුවන් තැනක් වුන එ් apartment එක මොකක් හරි හේතුවක් නිසා Minseokට අැති කලේ පිලිකුලක්..

අඩියට දෙකට apartment එක අැතුලට ගිය කොල්ලා හිස් වෙලා තිබුන elevator එකට ගොඩ වුනේ උඩම තට්ටුවට යන්න button එකත් ඔබන ගමන්.. තිබ්බ නොඉවසිල්ලට කකුලෙන් පොලවට තට්ටුවකුත් දාගෙන කොල්ලා අාපහු සාක්කුවේ තිබ්බ Soheeගෙයි Taeyongගෙයි photo එක අතට ගත්තා.. කොල්ලාට සැකයි.. එ් වගේම බයයි.. මේ අැත්තටම chanyeol කියන කෙල්ලමද කියලා කොල්ලාට සැකයි.. එ්ත් මේ අැත්තටම එ් කෙල්ල වුනොත් මොනාද කරන්නෙ කියලා කොල්ලා දැනටමත් කල්පනා කරලා තිබුනෙ..

elevator එකේ දොරවල් දෙක දෙපැත්තට වෙද්දිම එලියට පැන ගත්ත Minseok දෙපැත්තටම ඔලුව හරව හරව හෙව්වෙ address එකෙ තිබුන number එක..

327..

ටිකක් ලොකු ඉලක්කමෙන් ගහලා තිබුන දොර ඉස්සරහා කොල්ලා නැවතුනා... අතේ තිබුන photo එක අාපහු පරිස්සමෙන් සාක්කුවට දාගත්ත Minseok ලොකු හුස්මකුත් පිට කරලා දෙපාරක් තුන්පාරක් විතර එතනම තිබ්බ bell එක ring කලා... තත්පර දෙක තුනක් යද්දි දොර අැරුනේ ටිකක් මැදි වයසෙ, එ්ත් හොඳට අැඳ පැලඳගත්ත ගෑනු කෙනෙක් Minseok ගෙ මූන ඉස්සරහා මතු වෙද්දි..

Ms.Yoon So Hee?

එයා ඉන්නවා.. ඔයා කවුද...

වැඩිය මිත්‍රශීලි නොවුන කටහඬකින් එ් ගෑනු කෙනා Minseokට කතා කරද්දි හිතට අාපු කේන්තිය පාලනය කරගන්න කොල්ලා අැස් දෙකත් පියාගෙන ලොකු හුස්මක් පහල දැම්මා..

මං කවුද කියලා එයා දන්නවා.. පොඩ්ඩක් එයාට එන්න කියන්න..

එහෙම කරන්න බෑ.. ඔක්කොටම කලින් ඔයා කවුද කියලා කියන්න..

Miracles In December [ONGOING]Where stories live. Discover now