❄16

33 4 0
                                    

I'll be all you need, So hold me tight..
***

.
.


Miracle in December: Chapter 16

.
.

-flashback-

Years ago @Highschool

"Chanyeol-ah... Jae hee ව දැක්කද?"

Bag එකත් උරහිසෙ එල්ලගෙන එක අතක් සාක්කුවක ඔබාගෙන Chanyeol class එකෙන් එලියට යද්දිම එයාට පිටිපස්සෙන් ඇහුනෙ හුරු පුරුදු කටහඬක්. කොල්ලා ආපස්සට හැරෙද්දි දැක්කෙ පොතකුත් උස්සගෙන හති දදා දුවන් එන Jaehyunව.

"මම හිතන්නෙ එයා ගියා.."

"මෙච්චර කලින්... වෙනදට හවස් වෙනකන් ඉන්නවානෙ.."

"යාලුවෙක් එක්ක ගියෙ.. මොකක්ද වැඩක් කිව්වා..."

Jaehyun ඔලුව කසන්න ගත්තෙ Channeol ඔලුවත් ඇල කරගෙන බලාගෙන ඉදිද්දි..

"මොකද?"

"ගෙවල් පැත්තෙන් යනවා නම් මේක ගිහින් දෙනවකො.."

Jaehyun, yeol ගෙ අත උඩින් පොතක් තිබ්බෙ pout කරන ගමන්..

??

yeol ගෙ මූනෙ තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්..

"එයාගෙන් මම ඉල්ලගත්තෙ.. අද දෙන්නම් කියලා කිව්වට දෙන්න අමතක වුනා... හෙට කනක් ඇහිලා ඉන්න ඕන නම් හෙට වෙන්න කලින් ඕක එයා අතේ තියෙන්න ඕන.. "

"අහ්..."

"හෙට හම්බෙමු..."

මුකුත් කියන්නත් කලින්ම, Jaehyun අතත් වනාගෙනම classroom එකෙන් එලියට යද්දි chanyeol බලාගෙන හිටියෙ අතේ තිබුන පොත් දිහා..

Jaehee ව අඳුරගෙන ගොඩක් කල් වුනත්, කොල්ලා jaehee ගෙ ගෙදරට ගිහින් තිබුනෙ එකම එක වතාවක් විතරයි. ඒකත් jaehyun එක්කම කෙල්ලව ගෙදරට ඇරලවන්න ආපු වෙලාවක විතරයි.. එදායින් පස්සෙ jaehee ට ගෙදර යන්න අවස්ථාවක් yeol ට ලැබුනෙ නෑ.. ඊටත් වඩා jaehee ගෙ boyfriend විදියට කෙල්ල ගෙ ගෙදරට yeol ගිහින් තිබුනෙ නෑ...

සිතුවිලි දාහක් හිත ඇතුලෙ පිනුම් ගහද්දි ලොකු හුස්මක් පිට කරපු කොල්ලා class එකෙන් එලියට ගියෙ අතේ තිබුන පොත basketball එකක් වගේ ඇඟිල්ලක් උඩ කරකවන ගමන්..

ඉස්කෝලෙ ඉඳන් ලොකු දුරක් තිබුනෙ නැති jaehee ගෙ ගෙදරට යද්දිත් වට පිටාව කලුවර වෙලයි තිබුනෙ.. පාර දිගෙ තිබුන street lamps වලින් එන එලියෙන් විතරක් මලානික විදියට එලිය වෙලා තිබුන පාර දිගෙ yeol ඇවිදගෙන යද්දි කොල්ලාගෙ සපත්තු වලින් එන 'ටොක් ටොක්' සද්දෙ පාර පුරාම දෝංකාර දෙන්න ගත්තා.. වට පිට බල බල ඇවිදපු yeol දැක්කෙ එයාට ටිකක් ඉස්සරහින් තිබුන හුරු පුරුදු පුංචි ගෙයක්..

Miracles In December [ONGOING]Where stories live. Discover now