❄03

165 36 221
                                    

You'll never know unless you walk in my shoes.
***

.
.

Miracles in December: chapter 03
.

Next day :

යෙහෙලි දොර ඉස්සරහා හිටගෙන ඉන්නෙ යනවද නැද්ද කියලා කල්පනා කරන ගමන්... ඊයෙ වුන සිද්ධින් ටික එකින් එක පිලිවෙලට මතක් වෙද්දි කෙල්ල නොදැනිම දොරෙන් ඈතට අඩියක් තිබ්බා. 

Aa....hh..... what should I do......??

කෙල්ල කකුල් දෙකත් පොළවේ ගහ ගහා කෙල්ලගෙන්ම අහනවා. ඒත් එක්කම කෙල්ලට දැනුණේ අතේ තියන් ඉන්න phone එක vibrate වෙනවා. කෙල්ල, තිබ්බ කලබලේට screen එක නොබලාම කෝල් එක ආන්ස්වර් කලා.

කවුද මේ.. මොකටද මේ වෙලාවෙ කතා කලේ. aaish... සද්ද නැතුව ඉන්නෙ? කතා කරනවා දැන්, කෝල් කලා නම්.... 

හිතේ තිබුන නොසන්සුන්කම පිට කරගන්න විදියක් හොයන ගමන් ගහගන්න වගේ කියාගෙන කියාගෙන ගිය යෙහෙලි එකපාරටම ගල් ගැහුනෙ එහා පැත්තෙන් ඇහුණ කටහඩට.

Yeheli.. it's me chanyeol.

Oh..... ugh..... umm......... oh... sorry... chan... yeol... ssi

කොල්ලාට ලාවට හිනාවක් ගියේ යෙහෙලිගෙ ඇඹුල් වුන මූණ දැකලා. කොල්ලාගෙ හිනාවෙ සද්දෙට යෙහෙලිගෙ මූණටත් ආවෙ පොඩි හිනාවක්. කෙල්ලගේ බය ටිකකට අමතක වෙලා ගියා.

Won't you come ? දැනටමත් 7 පහු වෙලා. මං කෝල් කලේ ඔයා එනවද බලන්න..

අහ්... sorry.. chan.. yeol.. ssi.. මං මේ එන ගමන්...

Okay then, see you...

යෙහෙලි නොදන්නවා වුනාට දොරෙන් එහා පැත්තෙ හිටිය chanyeol මෙච්චර වෙලා හිටියෙ යෙහෙලි දිහා බලාගෙන... කොල්ලා කෝල් එක කට් කලේ screen එකෙන් පේන යෙහෙලිගෙ බය වුන මූණ දැකලා හිනා වෙවී.. කෙල්ලට එහෙමම ඉඳලා බය ටිකක් නැති කරගෙන එන්න ඉඩ දීලා කොල්ලා ආපහු හැරුනෙ dinner එක ලෑස්ති කරන්න යන්න. යන ගමන් කොල්ලා යෙහෙලිට msg එකක් දැම්මා.

-1485, password එක-

යෙහෙලි msg එක දිහා ටික වෙලාවක් බලාගෙන හිටියෙ ඇසුත් ලොකු කරගෙන. password එක දෙන්න තරම් Chanyeol කෙල්ලව ඒ තරම් විශ්වාස කරන්නෙ කොහොමද කියලා කෙල්ලට හිතාගන්න බැරි වුනා. world class idol කෙනෙක්, sasaengs ලාගෙන් වගේම fans ලාගෙනුත් ඈත් වෙලා privacy එක ආරක්ෂා කරන්න ලොකු මහන්සියක් දරද්දිත් Chanyeol ඒ වගේ දෙයක් කරපු එක ගැන කෙල්ලට තිබුනෙ පුදුමයක්. ඒත් කෙල්ල නොදන්නවා වුනාට Chanyeol කෙල්ලව විශ්වාස කරන්නෙ කෙල්ලව දැක්ක මුල්ම දවස් වල ඉදන්. කෙනෙක්ව හරි ඉක්මනට විශ්වාස කරන පුරුද්ද එච්චර හොඳ නෑ කියලා දන්නවා වුනත් Chanyeol ට ඒ පුරුද්ද අතෑර ගන්නම බැරි වුනා. ඒත් යෙහෙලි... කොල්ලා කොයි වෙ⁣ලේකවත් හිතුවෙ නෑ යෙහෙලිව විශ්වාස කරන එකේ නරකක් තියේවි කියලා. Chanyeol ගෙ වාසනාවට වගෙ යෙහෙලි කියන්නෙත් තව කෙනෙක්ගෙ privacy එක උපරිමෙන්ම ආරක්ෂා කරන කෙල්ලෙක්. විශේෂයෙන් idols ලා වගේම actors ලා ගොඩ දෙනෙක්ගෙත් marriages plan කරද්දි කෙල්ලට සමහර අවස්ථා වලදි එයාලාගෙ privacy එකත් එක්ක ඕනාවටත් වඩා සම්බන්ධ වෙන්න සිද්ද වුනා. ඒත් ඒ හැම වෙලාවකදිම event එකට අදාල අවශ්‍ය දේ විතරක් කරගෙන privacy එකට බාධාවක් නොවී පැත්තකට වෙන්න කෙල්ල වග බලා ගත්තා. ඒ නිසාම Chanyeol සම්බන්ධවත් කෙල්ල කටයුතු කලෙ ඒ පිලිවෙලට. කොරිඩෝ එකේ කවුරුත් ඉන්නවද කියලා සැක නැතුව බලාගන්න වට පිට බලපු කෙල්ල සීරුවට lock pad එක උඩ ඇඟිල්ල යැව්වෙ තත්පරේකට එක ගානෙ ඉලක්කම් ඔබන ගමන්. 'ක්ලික්' සද්දෙන් දොරේ අගුල ඇරෙද්දි ලොකු හුස්මක් පිට කරපු කෙල්ල දොරේ හැන්ඩ්ල් එකට අත තිබ්බෙ හිත හදාගෙන. ඒ එන දේකට කොහොම හරි මුහුන දෙනවා කියලා හිතන්. ඒත් හිතේ තිබ්බ දේවල් අසුරු සැනින් අතුරුදන් කරන ගමන් කෙල්ල දොරෙන් ඇතුලට යද්දිම ආවෙ හොඳ සුවදක්.

Miracles In December [ONGOING]Where stories live. Discover now