❄02

165 36 122
                                    

I’m only looking at you without anyone knowing
***

.
.

Miracles In December: Chapter 02
.

යෙහෙලිට හිතුනෙ ලෝකෙ නැවතිලා කියලා. කොච්චර සීතලේ වෙව්ල වෙව්ල හිටියත් කෙල්ලට දැනුනෙ එක පාරටම දාඩිය දානවා වගේ. ඊළඟ තත්පරෙන් ඇරුණ වොෂ්රූම් එකේ දොරෙන් මතුවුණේ ඇස් දෙක ලොකු කරන් ඉන්නෙ යෙහෙලිගෙ මූණ. මිතූගෙ මූණත් ඊට දෙවෙනි නෑ.... කෙල්ලො දෙන්න මාරුවෙන් මාරුවට phone එක දිහායි අනිත් කෙනාගෙ මූණ දිහායි බලන්න ගත්තා. තත්පර දෙකක් යන්නැති. මිතූගෙ අතේ තිබ්බ phone එක අතට ගත්ත යෙහෙලි chanyeol කියලා නම වැටිලා තියෙන screen එක දිහා බලාගෙනම phone එක answer කලා.

යො..... යොබුසෙයෝ.....

එහා පැත්තෙන් කිසිම සද්දයක් ඇහුණේ නෑ. යෙහෙලි මිතූගෙ මූණ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙන. දෙවෙනි සැරේටත් කතා කරන්න යෙහෙලි කට ඇරියා.

යොබු...

යෙහෙලි??

කකුල් දෙක පණ නැතුව ඇදගෙන වැටෙන්න වගේ යද්දි මෙච්චර වෙලා තුවාය ඇඟට තද කරගෙන අල්ලගෙන හිටිය අත එතනින් අතෑරලා බිත්තියට තියාගන්න යෙහෙලිට සිද්ද වුණා.. මේ ජරමර අස්සෙ තවත් film බලන්න ඕනි නෑනෙ කියලා හිතලා යෙහෙලිගෙන් අතෑරිලා වැටෙන්න ගිය තුවාය මිතූ ආපහු යෙහෙලිගෙම ඇඟට තියලා අල්ලගත්තා. ඒත් යෙහෙලිගෙ බයෙනුයි පුදුමෙනුයි පිරුණ ඇස් දැක්කම මිතූට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා.

Yeheli..., is that you?

මේ සැරේ යෙහෙලි මුකුත් කිව්වෙ නැති නිසා phone එකේ එහා පැත්තෙ හිටපු කෙනාට සිද්ද වුණා ආයෙත් කතා කරන්න.

Oh? ne.. ne... chan..yeol..ssi?

Yeah, Yeheli, I guess we have something to discuss about... Can you come to my apartment tomorrow ?

Sorry? Oh yeah, yeah, but...

Okay.. then meet me tomorrow night at 7.

Chanyeol ssi..? යොබුසෙයෝ.. යොබු..

ඒත් ඒ වෙද්දිත් chanyeol phone එක තියලා ඉවරයි. යෙහෙලි දැක්කෙ එයා දිහා බලන් ඉන්න මිතූව.

මොකද වුණේ

අනේ මන්දා..

මොනාද කිව්වෙ ?

Miracles In December [ONGOING]Where stories live. Discover now