❄13

121 29 128
                                    

It's been decided from the start
☆♡☆

.
.
.
.
.
.
.

Miracles in December: Chapter 13
.
.
.
.
.
.
.
.
.

දන්නවද.... අාදරේ කරන්න නීතිමය බැඳීමක් ඕනම නෑ... කොල කෑල්ලකට දාන අත්සනකට අාදරේ සීමා කරන්න බෑ... අාදරේ තියෙන්න ඕන හදවත් අැතුලෙ... එ්ත් එහෙම කියලා අපිට කවදාවත් සමාජ සම්මතයන් වෙනස් කරන්නත් බෑ... අාදරේ කියන හැඟීමට නීතිමය සීමාවක් ඕන වෙන්නෙ වෙන මුකුත් නිසා නෙවෙයි, මිනිස්සුම හදාගත්ත සමාජ සම්මතයන් නිසා... අාදරේ කරන හදවත් දෙකක අයිතිකාරයො දෙන්නා එකතු වෙලා එකම කොලේක අත්සන් දෙක නොදැම්මොත් එ් අාදරේ අනිත් අයට වලංගු නැති එ් දෙන්නාටම විතරක් වලංගු වෙන නිකන්ම නිකන් හැඟීමක් වෙනවා.. එහෙම අාදරයක් සම්මත අාදරයක් වුනත් අසම්මත අාදරයක් වුනත් සමාජයට නම් එ්ක තවත් එක අසම්මත අාදරයක් විතරයි.

එ්ක මහ පිස්සුවක්නෙ... කෙනෙකුට අාදරේ කරන්නෙ කසාද බඳින්නමද... කසාද නොබැඳ අාදරෙන් එකට ජීවත් වෙන්න බැරිද... දැන් කොයි තරම් living together concept එක පාවිච්චි වෙනවාද... ඔය පරණ අදහස්... පුහු විකාර...

මිනිස්සු කියනවා එහෙම... එ්ත් එ් මිනිස්සුම තව වෙලාවක මෙහෙම කියනවා..

කසාදයක් බඳින්නෙ නැත්තන් මොකටද අාදරේ කරන්නෙ... අාදරේ කියන එක විහිලුවක්ද... කසාද බඳින්නෙ නැතුව අනිත් අය පිලිගනීද...

අවස්ථා දෙකකදි එකම පුද්ගලයා මේ අාකාර දෙකටම හැසිරෙනවා... මොකද මිනිස්සුන්ට අමතක වෙනවා හැම දෙයක්ම පදනම් වෙන්නෙ අවස්ථාව හා පුද්ගලයා මත කියන එක.. එකම කෙනා තමන්ට අවශ්‍ය වෙලාවකදි අාදරේ ගැන ස්වාධීන අදහසක් දැරුවත් අවස්ථාව වෙනස් වෙද්දි එ්ක සමාජයත් එක්ක සන්සන්දනය කරලා අදහස් දරනවා.. හිතන්නකො... ගොඩක් දෙනෙක් අාදරේ කරන්න පටන් ගන්නෙ එ් අාදරේට විවාහය කියලා අලුත් බැඳීමක් දීලා අලුතින් ජීවිතයක් පටන් ගන්න දකින හීනෙකුත් එක්ක.. එ් වෙලාවෙදි එයාලා දරන්නෙ සමාජයත් එක්ක සන්සන්දනය කරපු අදහසක්.. එ්ත් ටික කාලයක් ගත වෙද්දි නොවෙනස්වී තියෙන්න බැරි එ් හිත් වෙනස් වෙනවා.. කාලයක් තිස්සෙ අනෙකාගෙ දැකපු හොඳ ඉබේම නරකට හැරෙනවා... නුරුස්සන ගතියට එද්දි අර කලින් දරපු අදහස වෙනස් වෙන්නත් ගත වෙන්නෙ ටික වෙලාවයි.. අාදරේ කරන්නෙ කසාද බඳින්නමද... එ් වෙලාවට එයාලාගෙ හිතේ දුවන්නෙ එ් අදහස.. තමන් ඉන්න අවස්ථාවත් එක්ක තමන් දරන අදහස වෙනස් කරගන්න මිනිස්සු දක්ෂයි කිව්වෙ මං එ් නිසා...

Miracles In December [ONGOING]Where stories live. Discover now