❄14

37 6 22
                                    


I can see your deepened moonlight in my dreams
***

.
.

Miracles in December: Chapter 14

.

6 months later:

මාස හයක්... ලොකු කාලයක් නොවුනාට හැල්මේ දුවපු දවස් වලට විරාමයක් දීලා හැ⁣මෝවම ආපහු සුපුරුදු ජීවිත වලට හුරු කරවන්න ඒ මාස හයට පුලුවන් වුනා. එක පාරටම කනපිට හැරවුනු chanyeol, yeheli දෙන්නාගෙ ජීවිත අලුත් පිටුවකින් පටන් අරන් හිමිහිට ලියාගෙන යන පොතක් කරවන්න ඒ මාස හයට පුලුවන් වුනා. මගෑරුනු වැඩත් අලුතෙන් එකතු වුනු වැඩත් එක්ක වැඩ කන්දක් ඔලුවෙ තියාගෙන එහාටයි මෙහාටයි දුව දුව ආපහු හරි track එකට වැටෙන්න chanyeol කරපු කැප කීරීමයි, වුන මහන්සියයි ඒ තරම් සුලු පටු එකක් වුනේ නෑ. ගෙවුන මාස හය ඇතුලෙ කොල්ලා පාන්දර දෙකට තුනට ගෙදර ආපු අවස්ථා අනන්තවත් ඇති. සමහර දවසට යෙහෙලි ගෙ phone එකට එන පොඩි text message එකකින් කෙල්ලගෙ මූන කලු වෙලා යන්නෙ ඒ දවසෙ රෑට කෙල්ලට ඉන්න වෙන්නෙ තනියෙන් කියලා දැනගත්තම. ඒත් කෙල්ල නෙවේ ඒකට වචනයක්වත් කිව්වෙ. පුලුවන් උපරිමෙන්ම chanyeol ගෙ වැඩ වලටත් උදව් වෙන ගමන් කෙල්ලටත් ඕන වුනා කොල්ලාට පැත්තක ඉඳන් හයියක් වෙන්න. ඊ⁣ටත් වඩා ගෙදර තනියම කාලෙ ගෙවන්න ටික ටික අමාරු වෙනකොට යෙහෙලි කලෙ පුලු පුලුවන් විදියට හොඳයි කියලා හිතුන jobs වගේකට apply කරපු එක. wedding එකේ උණුහුම ටික ටික ඈතට යද්දි, sasaeng ලාගෙන් වෙන්න පුලුවන් කරදර නිසා chanyeol, යෙහෙලිට ගෙදරින් එලියට යන්න එපා කියලා තිබ්බාත් මාස කීපයක් යද්දි යෙහෙලිත් පරණ පුරුදු ජීවිතේටම අඩිය තියන්න ගත්තා. ඒකත් Chanyeol ගෙ අවසරෙයි, කලින්ට වඩා පරිස්සමකුයිත් එක්ක. මොනම හේතුවක් නිසාවත් chanyeolට සම්බන්ධයි කියලා පෙන්නන විදියෙ දෙයක් ⁣තමන් අතින් නොවෙන්න කෙල්ල පුදුම තරමින් පරිස්සම් වුනා. ඒකෙ ප්‍රතිඵලයක් විදියටයි කෙල්ලට RPC company එකේ post එකක් ලැබෙන්නෙ. ලැබෙන පඩියටත් වඩා ආපහු සාමාන්‍ය ජීවීතයකට හුරු වෙන්න ලැබුනු එකට යෙහෙලි සතුටු වුනා.

අනිත් පැත්තෙන් chanyeol, එයාගෙ සහෝදරයො ටික වගෙ හිටිය යාලුවො අට දෙනාගෙ උදව්වත්, ජීවිතේට අලුතින් එකතු වුන යෙහෙලිත් එක්ක කොල්ලාගෙ මූන⁣ට ආපහු පරණ තිබුන හිනාවටත් වඩා හිනාවක් එලියක් එන්න පටන් ගත්තා. වැඩ වැඩි මහන්සි දවසට වුනත් chanyeol ගෙ මූනෙ හිනාවක් තියනවා කොල්ලා දිහා බලන ඕනම කෙනෙක්ට දකින්න පුලුවන් වුනා. ඒකට ලොකුම හේතුව වැඩ පිරුන දවස් වලට වුනත් chanyeol ගෙ phone එකට එන් පුංචි message එක. යෙහෙලිගෙ පිස්සු වැඩක් ගැන කියපු දෙයක් නැත්තන් කෙල්ලගෙ photo එකක් එක්ක දවසකට සැරයක් එන message එකට කොල්ලාගෙ මූනෙ පාට හේදිලා යන වෙලාවක වුනත් ආපහු මූනට පාටක් ගේන්න තරම් හැකියාවක් තිබ්බා. ඒ වගේම තමා අනිත් අතට යාලුවො ටිකගෙ පිස්සු වැඩත්.

Miracles In December [ONGOING]Where stories live. Discover now