❄18

16 3 0
                                    

You were there for me through all the times I cried
***

.
.

Miracles in December: Chapter 18

.
.

යෙහෙලි, Chanyeol ව හම්බ වුන මුල්ම දවසේ ඉඳන් අද වෙනකම්ම ගත්ත ඒ දෙන්නාගෙ photos විස්සක් තිහක් යෙහෙලිගෙ අත උඩ තිබුනා.. ඒ හැම එකකම වගේ යෙහෙලිගෙ වගේම Chanyeol ගෙත් මූනු හොඳට පැහැදිලිව පෙනුනෙ ඒවායෙ ඉන්නෙ ඒ දෙන්නා නෙවෙයි කියලා කෙල්ලට තර්ක කරන්න බැරි වෙන විදියට වගේ.. සමහර photos වල තිබුනෙ chanyeol ගෙ appartement එක ඇතුලට යෙහෙලි යනවා වගේම ඒකේ ඇතුලෙ ඉඳන් ⁣කෙල්ල එලියට එන හැටියි. කොයිතරම් පරිස්සම් වුනත් ඒ දෙන්නා එකට හිටිය තැන් වලදි පවා ගත්ත photos එතන තිබුනා.. යෙහෙලි අතට ගත්තෙ සති කීපෙකට කලින් chanyeol එක්ක Han ගඟ අයිනෙ late night walk එකකදි ගත්ත photo එකක්.. කෙල්ලගෙ ඇස් වල තිබුනු කඳුලු ආයමත් අලුත් වෙද්දි hyejin කටහඬ අලුත් කලා..

"මට උවමනාවක් තිබුනෙ නෑ මේවා එලියට ගන්න.. ඒත් ඔයාම තමා මට ඒක කරන්න සැලැස්සුවේ.. මට ඔයාට මීට වඩා ලොකු තර්ජනයක් කරලා මේක ලේසියෙන් කරගන්න තිබ්බා.. ඒත් මම ඒ ක්‍රමේට වැඩිය කැමැත්තක් නෑ.. මට ඕන මේක වැඩිය කරදරයක් නැතුව කරගන්න... අනිත් එක මෙච්චර තොරතුරු ඔයාට දැනගන්න ඉඩ දුන්නට පස්සෙ කිසිම දෙයක් නැතුව ඔයාව නිකන් යවන්න තරම් මම මෝඩයෙක් වෙයි කියලා හිතන්නෙපා.. "

"ඔයාට මොනාද ඕන? ඇයි මෙහෙම කරන්නෙ... අපි මොනවා කලාටද මෙහෙම කරන්නෙ?"

යෙහෙලිගෙ කටහ⁣ඬ පිරිලා තිබුනෙ වේදනාවකින්.. මද්දකට අහුවුන හාවෙක් වගේ, කර කියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා හිටිය යෙහෙලිට ඕන වුනේ Chanyeol ව මේ ප්‍රශ්නෙන් අයින් කරන්න.. ඒකට කරන්න පුලුවන් හොඳම දේ කරන්න කෙල්ල තීරණය කලා..

"මට ඕන දේ දැනටමත් ඔයා දන්නවා.. මේ සතිය ඇතුලත මට ඒක හොයලා අරන් එන්න.. එහෙම කරන්න ඔයාට පුලුවන් වුනොත් මේ photos කිසිම දෙයක් පිටට යන එකක් නැති වෙයි.. ඒ වගේම ඔයාගෙ company එකේ ප්‍රශ්නෙත් විස⁣ඳෙයි.. මොකක්ද ඔයාගෙ තීරනේ?"

යෙහෙලි අෑතින් පේන Seoul නගරෙ දිහා බැලුවෙ ලියුම් කවරෙත් අතේ තියාගෙන. කෙල්ල හිටියෙ ලෝක දෙකක අතරමං වෙලා. අතේ තිබ්බ ලියුම් කවරෙ බර එන්න එන්නම වැඩි වෙනවා වගේ දැනෙද්දි, කොහෙදෝ අෑතක අතරමං වෙලා තිබුන අැස් ඉබේටම අැවිත් නතර වුනේ ලියුම් කවරේ ගාව.

Miracles In December [ONGOING]Where stories live. Discover now