chapter 9

164 29 22
                                    

තුන්වන ලෝක යුද්ධෙ පටන් අරන්. මේක රටවල් දෙකක් අතර යුද්ධයක්
නෙවෙයි. කාල බෝම්බ දෙකක් අතර
දරුණු යුද්ධයක්. චාර්විගෙයි අනිදුගෙයි යුද්ධය සටන් විරාම නැතුව දිගටම ඇවිලිලා යනවා. දෙන්නගෙන් එක්කෙනෙක්වත් පසු
බහින්න කැමති නෑ. Author ටත් ඒ
යුද්ධය නවත්තන්න ඕනි කමක් නෑ
අනේ. ඒ හින්දා ඒ දෙන්නට රණ්ඩු වෙන්න කියලා මන් ඉස්සරහට කතාව continue කර  ගෙන යන්නම්.

ගෲප් එකේ තත්වේ නම් සෝචනීය යි මිතුර. අනිදු ගෲප් එකට share කරන post සමහර අය සිරියස් අරන්.
විශේෂයෙන්ම පොඩි ළමයි. මේ නිසා
ගෲප් එක ඇතුලේ ලොකු අර්බුදයක්
ඇතිවෙලයි තියෙන්නේ. ඔක්කොටම
වඩා දරුණු වැඩේ පොඩි උන් ඒවා
status දාන  එක.

අනෙ ඔප්පා ඔයා ඇයි මට මෙහෙම කලේ.

මේවා ඇත්‍තද. අනේ කවුරුහරි කියන්නකෝ.

නෑ එයාලා එහෙම නෑ. මේවා බොරු. 

මේ වගේ නොයෙක් විකාර status දැම්මා.  2 liner ලා මාර කට්ටක් කෑවා මේක නවත්තන්න. ඒ වගෙම bts ලට මේ වගෙන් සිදුවෙන අපහාස වලක්වන්න.

Haters ලටත් මේ දවස් වල හෙන
ආතල්. උනුත් පැත්තක ඉදන් මේවාට උල්පන්දම් දෙනවා. මේක
කොහොම පාලනය කරන්න ද කියලා රියානා දහ අතේ කල්පනා
කර කර ඉන්නේ.

ගෲප් එක ඇතුලේ මේක කොච්චර
තේරුම් කරත් පොඩි ඔලු තේරුම් ගන්නේම නෑ. අන්තිමට මේක බොරුයි කියලා  විශ්වාස කරන එවුන් ඉදලා අනිත් එවුන් පලයන්
කියලා රියානා තදින්ම කිව්වා. කේන්තිය පාලනය කරගන්න බැරුව
තව මොනා කියවෙයිද කියලා බයේ
මහී රියානාව සන්සුන් කලා. මොකද
එයා දන්නවා කේන්ති ගියාම රියානා
මොන වගේද කියලා .

පසු දින :

           Nethmi  7L left
            
          Kaushi 8L left
 
          Sanduni 6 L left

පෝන් එක අතට ගත්ත රියානා එහෙම්ම ඇදේ ඉන්දුණා. ලමයි 20ක් විතර ගෲප් එකෙන් left වෙලා. සමහරු  ගොඩක් නරක විදිහටත් බැනලා තිබ්බා. රියානා පෝන් එක අතේ තියාගෙන හොදටම ඇඩුවා.

කවුරු කොහොම කිව්වත් එයාට එයාගේ කොල්ලො හත්දෙනා පණටත් වඩා විශ්වාසයි. එයා අද හිනා වෙලා ඉන්නෙත් ඒ කොල්ලො
හත් දෙනා නිසා කියලා එයා දන්නවා. හැමෝම තමන්ව ප්‍රතිකේෂ්ප කරලා තනි කරපු දවස්
වල එයාලගේ කටහඬ තමන්ට කොච්චර හයියක් උනාද  කියලා එයා දන්නවා.  තමන්ගේ මූණට එක
මොහොතකට හරි හිනාවක් ගේන්න
පුලුවන් කෙනෙක්ට තමන්ව ජීවිත
කාලයම උනත් සතුටින් තියන්න පුලුවන්. ඒක තමයි ඇත්ත. හිතේ
දුක දිය කරලා දාන්නත් එක්ක රියානා
Fake love සද්දෙට දා ගෙන ඇදේ දිගා
වෙලා ඇස් පියා ගත්තා.

ARMY X HATERS Where stories live. Discover now