chapter 16

143 27 4
                                    

Anidu : මතකද මාව 

Charvi : ඔයාව අමතක වෙන්න මන්
මැරිලා ඉපදුනේ නෑ නෙ

Anidu :  දවසක් හරි ආදරේ කල මුල්ම කෙනාව

Charvi : මොනාද බිව්වේ. වෙන ජාතියක් ද ?

Anidu : මන් පොඩි ලමයෙක්. බොන්නේ only water. වෙන දේකට කියලා බොන්නේ කෝපි විතරයි හරිද ?

Charvi : මොකට කියනවාද ඒ ගැන.
ඊයේ පෙරේදා දවසකත් මම දැක්කා
නෙ status .

Anidu : පොඩ්ඩක් ගත්තා කියලා කොල්ලෝ නරක් වෙන්නේ නෑ.

Charvi : හාකෝ 😑

Anidu : මොකද දැන් ඉස්සර වගේ message කරන්නේ නැත්තේ. කොල්ලෙක්වත් සෙට් උනාද. ඌ කිව්වාද අපි වගේ හාල්පාරුවන්ට
Message දාන්න එපා කියලා .

Charvi : පව් කතා කියන්න එපා . මට ඇති කොල්ලෙක් නෑ. මන් දැන්
කාටවත් වදයක් වෙන්නේ නෑ. මම
හැදිලා ඉන්නේ.

Anidu : ඕහ් ! කවුද කිව්වේ ඔයා වදයක් කියලා

Charvi : නෑ ඉතින් අපිටත් තේරෙනවා නේ සමහර දේවල් .

Anidu : මොනාද තේරෙන්නේ 

Charvi : සමහරුන්ට දැන් එක එක අය ලොකුයි . අපි වගේ පොඩි මිනිස්සු එයාලා ගණන් ගන්නෙ නෑ.

Anidu : මට තේරෙනවා . ඔයා ඔය
නොකියා කියන්නේ මම ගැන නේ.
මම ගැනයි අර ගෲප් එකෙ කෙල්ල
කවුද .. shee ගැන යි නෙ.

Charvi : තොප්පිය හරි නම් දාගන්න.

Anidu : මේ අහනවා පිස්සි. මම ඒ
කෙල්ල ගැන හෙව්වේ මගේ වෙන
උවමනාවකට. නැතුව love කරන්න
නෙවෙයි . අනික මම එහෙම දකින දකින එකා එක්ක msg කරන්නේ නෑ නෙ 

Charvi : ඉතින් මට කියන්නේ 

Anidu : කියන්නේ ද. මෙච්චර මාත්
එක්ක msg කරන ඔයා මම ගැන දන්නේ නැති නිසා 

Charvi : ඔයා ඒ කෙල්ල ට msg දැම්මාද

Anidu : ආය මගුලක් අහනවා. නෑ.
නෑ.

Charvi : 😶😶😶

Anidu : තාම තරහායිද ? ම්..  කියන්නකෝ

Charvi : 😶😶

Anidu : emoji එවන්න එපා. උත්තර දෙන්න.

Charvi : 😶 . නෑ

Anidu : ආපහු තරහා වෙන්න බෑ හරිද. පුලුවන් වෙලාවට msg දාන්න ඕනි . තේරුනාද  මගේ පිස්සිට..

ARMY X HATERS Where stories live. Discover now