MY CEO -part 01

6.5K 582 46
                                    

MY CEO
Part 01

🥀අප්පා ඔයා මොනවද මේ කියන්නේ

*ඔව් ඒ මනුස්සයා කියනවා ඔයාව මැරි කරන්නම්ලු.අපේ ණය ඔක්කොම සෙට්ල් කරලා බිස්නස් එක තිබ්බ තැනටම අරන් දෙන්නම්ලු.මට එහෙම කරන්න බෑ.මන් මැරිලා ගියත් මගේ දුවව එහෙම බන්දලා දෙන්නේ නෑ මන්

අප්පගේ ඇස් වලින් කදුලු වැටෙද්දි මන් හිතට හයිය ගත්තා.

🥀අප්පා.මන් මැරි කරන්නම් එයාව

*මොකක්?පිස්සුද.ඔයා හදන්නේ අපිව බේරගන්න ඔයාගේ ජීවිතේ උකසට තියන එක

🥀අනී....මටත් දැන් මැරි කරන්න කාලේ හරිනේ අප්පා.....ඉතින් මන් එයාව මැරි කරන්න කැමතියි.බිස්නස්මන් කෙනෙක්නේ.මට සතුටින් ඉන්න පුලුවන්

*ඔයා ඇත්තටම කැමතිද දුවේ

🥀ඔව් අප්පා.මන් එයාව මැරි කරන්නම්...

*හ්ම්ම් එහෙනම් මැරේජ් එකට ලෑස්ති වෙන්න.මන් නිකේල්ට කියන්නම් ඔයා කැමතියි කියලා මැරේජ් එකට

ජීවිතේ කෙල්ලෙක් හොදට හිතලා බලලා ආදරෙන් ආසාවෙන් ගන්න තීරනයක් තමා මැරේජ් එක.මටත් හීනයක් තිබුනා.මන් ආදරේ කරන කෙනෙක් වගේම මට ආදරේ කරන කෙනෙක් මැරි කරන්න.ඒත් මන් නොහිතුව විදිහට මගේ අකමැත්තෙන් මැරේජ් එක කරන්න වෙලා.මගේ ඇස් වලින් එලියට පනින්න ඔන්න මෙන්න දගලන කදුලු කැටි ටික හිර කරගෙනම මන් කාමරේට ඇවිත් දොර වහගත්තා.මැරේජ් එකට අකමැත්තක් තිබුනත් මට ඕනේ උනේ මගේ අප්පාව බේරගන්න.මන් මගේ කැමැත්ත මගේ ආසාවන් වලදැම්මා අප්පාව ඔම්මව බේරගන්න

මන් එමීලී.වයස අවුරුදු විසි අටයි.බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ගෙදරට වෙලා හිටියේ තාත්තගේ කම්පැනි එකට ජොයින් වෙන්න තියන අකමැත්ත නිසා.ඒත් මොකද්ද මන් දන්නේ නෑ හේතුවක් නිසා අප්පගේ බිස්නස් දවසින් දවස පාඩු ලබන්න ගත්තා.අපි ගොඩාක් නය උනා ඒ නිසා.....මේ නය වලින් බේරෙන්න වෙන කම්පැනි එකක් එක්කන් ඇග්‍රිමන්ට් සයින් කරද්දි ඒකේ CEO මාව දැකලා මාව මැරි කරන්න කැමතියි කිව්වලු.ඒ වගේම හැම නයක්ම පියවලා බිස්නස් එක තිබ්බ තැනටම අරන් දෙන්නම් කිව්වලු.

My CEO || KSJ(Completed)Where stories live. Discover now