MY CEO-PART 17

2.1K 440 3
                                    

My CEO
Part 17

මන් මුකුත් නොකියා ජින්ගේ ඇස් මගෑරලා අනිත් පැත්ත බලද්දි මන් දැක්කේ එහා පැත්තෙන් එන ලොකු කන්ටේනර් එකක්.

🥀ජින්න්න්න්න්

මගෙ කෑ ගැහිල්ලට ජින් ඒ පැත්ත බැලුවත් අපි දෙන්නට කරගන්න දෙයක් තිබ්බේ නෑ.ඒ තරමට ඒ කන්ටේනර් එක ස්පීඩ් කරා.ඒක අපිව හප්පන්න එන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ උනේ නෑ.අපිට අපේ කාර් එක ස්පීඩ් කරගන්න බැරි වෙද්දි කාර් එකේ පිටිපස්සහා ඒ කන්ටේනර් එකේ වැදුනා.....ජින් එමී කියලා කෑ ගහද්දි මගේ ඔලුව ඩෑශ් බෝඩ් එකේ වැදුනා.......ඒ අතරින් මට පෙනුනේ ජින්ගේ පපුව හයියෙන්ම ස්ටියරින් වීල් එකේ වදිද්දි ඒ වැදුනු වේගෙට ජින්ගේ කටින් ලේ විසි වෙනවා...........ජින් ඒත් අවසිහියෙන් වගේ මාව හොයද්දි මගේ ඔලුවෙන් මොනවා හරි ගලනවා වගේ දැනුනත් මට මගේ ඔලුව අත පය නෑ වගෙයි දැනුනේ..........අතක් උස්සලා අත ගාලා බලන්න ඕනේ උනත් මට අත උස්සගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.............

කාර් එක පැත්තට හතර පස් දෙනෙක්ම ඇවිදගෙන එනවා මන් දැක්කේ මගේ ලේ පෙරෙන ඇස් පියන්පත් අතරින්........ජින් එයාගේ වෙව්ලන අතින් අමාරුවෙන්ම මගේ අත අල්ලගත්තත් එහා පැත්තේ කාර් එකේ ඇරුනු දොරින් මාව එලියට ඇදෙනවා විතරයි මට තේරුනේ...............අමාරුවෙන් උනත් මන් ඇස් ඇරලා බැලුවේ මගේ මුවින් වේදනාව දරාගන්න බැරුව කෙදිරියක් පිට වෙද්දි.................ටිකකින් මන් හිටිය තැනටම ජින්වත් බිම දිගේ ඇදගෙන ඇවිත් අතෑරලා ඒ ආව කෙනා මගේ ළගට නැමුනා..........

🥀ලි................ලී

කූකි ලිලීව ඩෝර්ම් එකෙන් බස්සලා කාර් එක පාරට දානවත් එක්කන්ම ලිලී එතන තිබුන වෙන වාහනේකට ගොඩ උනා කූකි දැක්කේ නෑ.............ඔව් ඒ නිකේල්ගේ වාහනේ..........නිකේල් හොයාගෙන ආවේ ජින්වයි එමීවයි

මන් ලිලීගේ නම කියද්දි මට හම්බුනේ කම්මුල් පාරක්.........මට ඒක දරාගන්න හයියක් තිබ්බද කියලා මන්ම දන්නේ නෑ..........ජින් ළග හිටගෙන හිටියේ නිකේල්.........මන් බිම බඩාගාගෙන වගේ ජින් ළගට යන්න ගියත් ලීලීගේ හයි හීල් එකක් මගේ අත උඩ තියලා තද කරද්දි මන් කෑ ගැහුවා........

My CEO || KSJ(Completed)Where stories live. Discover now