My CEO-PART 19

2.2K 447 8
                                    

My CEO
Part 19 (අවසානයට පෙර කොටස)

ඒත් තුන්වෙනි දවසේ උදෙන්ම එමීට සිහිය ආවා කියලා නිවුස් එක ආව නිසා ජින් වගේම කූකිත් හොස්පිට්ල් එකට ගියේ සෑහෙන්න සතුටින්...........ජින් එමීගේ රූම් එකට යද්දි එමී බලන් හිටියේ අමුතුවට...........මේ වෙද්දි ජින්ගේ කකුල සම්පූර්ණයෙන්ම හොද වෙලා තිබ්බ නිසා ජින් දුවගෙන ගිහින් කෙල්ලව හග් කරේ කූකි ඒ දෙන්නා දිහා බලාගෙන ඉද්දි............ඒත් එමී ජින්ව එයාගෙන් අයින් කරා......

🥀ඇයි ඔයා මාව හග් කරන්නේ?

ජින් කූකි දිහා බැලුවේ එමීගේ කටින් මොකද්ද පිට උනේ කියලා අහන්න වගේ.....කූකිත් එමී ළගට එද්දි ජින් ආයේම එමී දිහාට හැරුනා

🐼එමී ඔයා මොනවද මේ අහන්නේ?

🥀ඔයා මාව දන්නවද

කෙල්ල ඇහුව දේට ජින් කරේ ලොකු කරගත්ත ඇස් වලින් කෙල්ල දිහාම බලාගෙන හිටිය එක...කූකි කෙල්ලට ලන් උනේ මෙතන මොකක් හරි වැරැද්දක් තියනවා කියලා දැනුන නිසා.

🐰එමී ඔයාට මාව මතකද

ඒත් එමීගෙන් උත්තරයක් ලැබුනේ නෑ.එමී කරේ කූකි දිහයි ජින් දිහයි පුදුම උන ඇස් එහෙට මෙහෙට කරක කරක බලන එක විතරයි....

🐰ජි......ජිනා.......මන්.......මන් ඩොක්ටර්ව හම්බෙලා එන්නම්.

කූකි යද්දි ජින් එමීගෙන් ටිකක් ඈත් උනේ එමී ජින්ට බය වෙලා වගේ හිටිය නිසා.ජින් එමී දිහාම බලාගෙන හිටියේ එමීගේ හැසිරීම බලන්න.කෙල්ල නිකන් දැන් ඉපදුනු කෙනෙක් වගේ හැම දෙයක් දිහාම බලන්නේ පුදුමෙකින්........ඒ අතරට එමී ජින් දිහා බැලුවෙත් පුදුමෙකින්.......

🥀උම්ම් ඔයා......

එමීගේ කටහඩට ජින් පියවි ලෝකෙට ආවේ.ජින් එමීට ටිකක් ලන් උනා.

🐼මොකද්ද එමී

🥀ඔයා මාව දන්නවද

ජින් ඔව් කියන්න ඔලුව වැනුවා විතරයි....මොකද ජින්ගේ හිතේ හිර වෙලා තිබ්බ හැගීම් ගොන්න ජින්ට එලියට දාන්න පුලුවන් කමක් තිබ්බේ නෑ එමී හැසිරෙන විදිහ නිසා.ටික වෙලාවක් යද්දි එමීගේ රූම් එකට ආවේ කූකි.ඒත් එක්කන්ම ඩොක්ටර් කෙනෙකුත් ආවා.ඩොක්ටර් එමී ළගට යද්දි කූකි ගිහින් ජින් ලග හිට ගත්තා.

My CEO || KSJ(Completed)Wo Geschichten leben. Entdecke jetzt