My CEO-part 13

2.5K 453 7
                                    

My CEO
Part 13

🥀📞කවුද ඔයා?

මන් අහද්දි අනිත් පැත්තට කෝල් එක කට් උනා.......මන් ටිකක් ඒ කෝල් එකට කලබල උනා......කෙල්ලෙක් කතා කරේ උනත් අපිට මෙහෙම ඔත්තු දෙන්නේ ඇයි කියලා මන් මගෙන්ම ප්‍රශ්න කරා...අනිත් පැත්තට ඒ නම්බර් එකට කෝල් කරත් ෆෝන් එක ආන්සර් කරේ නෑ.

🥀ජින්

🐼ඇයි මොකෝ අවුල ඔයා කලබල වෙලා ඇයි

මන් ජින්ට කෝල් එකේ විස්තර ඔක්කොම කිව්වා.....එයා ටිකක් වෙලා කල්පනා කර කර ඉදලා ජිමින්ට කෝල් කරා

🐼📞ජිමිනා අද රෑට වැඩක් තියනවා.ගැන්ග් එක ලෑස්ති කරපන් ඊගල්ස්ලයි ෆයිටස්ලා විස්සකුයි විතරක් ඇති.

ජිමින් එහා පැත්තෙන් මොනවදෝ කිව්වත් මට පැහැදිලිව ඇහුනේ නෑ....මට තේරුනා ජින් හදන්නේ රෑට අර කෝල් එකෙන් කිව්ව පාරට යන්න කියලා.

🥀ජින් ඔයා ඒ කෝල් එක විශ්වාස කරනවද? ඒක බොරුවක් වෙන්න පුලුවන් සමහරවිට අපිව ගෙන්නගන්න ගහන ප්ලෑනක් වෙන්න පුලුවන්

🐼ඕනේ එකක්....ගිහින්ම බලමු ඇත්තක් උනොත් ළමයි ටිකගෙ ජීවිත බේරෙනවා......එතකොට ඒ ළමයි කොහෙන්ද කියලා අපිට දැනගන්න පුලුවන්......අනික තව ඩ්‍රග්ස් ස්ටොක් එකක්ම අපේ අතේ...ඒවා සෝල් වල පැතිරෙන එක නවතිනවා.

🥀ඕක

මන් එහෙම කියලා කතාව නැවැත්තුවේ ඒක කිව්වහම ජින්ට තරහා යයි කියලා බයට උනත් ජින් මගේ මූන දිහා බලාගෙන හිටියේ මන් ඒක කියලා ඉවර කරනකන්

🐼කියන්න ගියපු දේ කියලා ඉවර කරන්න එමී

ජින් ටිකක් තදින් කිව්වේ ඒකනම්.

🥀ඕක නිකේල්ගේ වැඩක් වෙන්න බැරිද ජින් මට.......මට බයයි

මන් කියපු දේට නිකේල්ට තරහා ගියේ නෑ.....එයා හිනා වෙලා එයාගේ පුටුවෙන් නැගිටලා මගේ ලගට ඇවිත් මගේ ඉස්සරහා මේසේ කොනකින් වාඩි උනේ මගේ පැත්තට නැවිලා

🐼ඔයා බයද ඌට? බය වෙන්න එපා එමී උගෙන් ඔයාටවත් මටවත් කිසිම දෙයක් වෙන්නේ නෑ......ප්‍රොමිස්.......ඔයත් එනවද රෑට යන්න?

මන් ඔව් කිව්වේ ඔලුව වනලා.මටත් ඕනේ උනා ගිහින්ම බලන්න.......නෝරා මාව දකින දකින ගානට මගේ ඇස් මග අරිනවා කියලා තේරුන නිසා මට නෝරා ගැනත් සැකයක් නොතිබුනාම නෙවේ......ඒ නිසා මන් හැම වෙලේම ඔෆිස් එක ඇතුලේදී නෝරාගෙන් ඇස් අයින් කරගත්තේ නෑ.

My CEO || KSJ(Completed)Where stories live. Discover now