My CEO-part 14

2.3K 449 16
                                    

My CEO
Part 14

🐼මගේ අර අහින්සක කෙල්ලගේ මරණෙට වග කියන්න ඕනේ කාලකන්නියෙක්

ජින් කියන්නේ නන්ගි ගැන කියලා මන් දන්න නිසාම මන් ආය ඒක හාරවුස්සන්න ගියේ නෑ.....

................

කලින් ආව කෝල් එකෙන් දුන්නු තොරතුරුත් හරිගිය නිසා මේකත් හරියයි කියලා මට හිතුනත් අපි හැමෝම එන ඕනේ දේකට මූන දෙන්න බලාගෙන ගියේ.......අපේ විශ්වාසේ ගන්න පලවෙනි පාර ඇත්ත තොරතුරක් දීලා ඊලග එකෙන් අපිට ඇටෑක් කරන්න බලන් ඉන්නවද දන්නේ නෑ කියන එක අපේ ගොඩක් අයගේ මතේ උනා.......

මන් කලු පාට ස්කිනර් එකට ලෙදර් ජැකට් එකක් දාලා මගේ මාස්ක් එකත් දාගෙන ගන් එක ලෝඩ් කරා...මායි ජිනුයි පහලට යද්දි ගැන්ග් එකේ හැමෝම ගෙන්නලා හිටියේ අපි යන්නේ ඩ්‍රග්ස් බෙදාහරින තැනකට නිසා එතන ලොකු පිරිසක් ඉදියි කියලා ජින් ගෙස් කරපු නිසා.......ජින් යද්දි ගැන්ග් එකේ හැමෝම පිලිවෙලකට හිටගත්තේ එයාලගේ ගැන්ග් වෙන වෙනම අදුරගන්න පුලුවන් වෙන්න.

🐼අද යන තැන කීයක් ඉදියිද මොනවා වෙයිද උන්ගේ වෙපන් මොනවද කියලා මේ කිසිම දෙයක් අපි දන්නේ නෑ.....ඒ නිසා හැමෝම එකතු වෙලා මේ වැඩේ වෙනදා වගේම ඉවර කරන්න ඕනේ..වැදගත්ම දේ ඔයාලට තුවාල වෙන්න බෑ.හැමෝම පරිස්සම් වෙන්න .තේරුනාද?

*ඔව් බොස්

හැමෝම කියද්දි අපි එතනින් හයිහීල්ස් රෝඩ් එකේ තිබ්බ බිල්ඩින්ග් එකක් හොයාගෙන ගියා......මන් ජින් එපාම කියලා කියද්දි යොවා එක්කන් වාහනෙන් බැහැලා පයින්ම බිල්ඩින් එක පැත්තට ඇවිදගෙන ගියේ තත්වේ බලන්න..........පේන්න එහෙම අවුලක් පිටතින් තිබ්බේ නෑ..කෝල් එකේ කිව්ව විදිහට ඇත්තටම ඉස්සරහින් බැලූ බැල්මට ඒක ගෙයක් වගේ......පිටතින් පේන්න කිසිම ගාඩ් කෙනෙක් හිටියෙත් නෑ........

⚔️කිසිම දෙයක් නෑ එමී

🥀මේක ඇතුල පේන තැනක් නැද්ද?

මට ඕනේ උනේ මටත් වඩා උස තාප්පෙන් එහා පැත්තේ මොන වගේ තත්වයක් තියනවද ගාඩ්ලා ඉන්නවද කියලා දැනගන්න.

⚔️එක ක්‍රමයක් තියනවා එමී........

🥀මොකද්ද

My CEO || KSJ(Completed)Where stories live. Discover now