My CEO-part 09

2.6K 472 15
                                    

My CEO
Part 09

මන් ජින්ගේ ඇස් මගෑරලා ආවේ මන් තාම ජින් එක්කන් තරහා නිසා.........ජින් හැම රෑකම මට නිකේල්ගෙන් අවුලක් නෑ නේද කියලා අහලා මැසේජ් කරත් මන් ඒ එක්කටවත් රිප්ලයි නොකරේ එයා හැමදේම නිකේල්ගේ ඩෝර්ම් එකේ සෙට් කරලා තියන කැම් වලින් බලනවා කියලා දන්න නිසා. ඒ වගේම රිප්ලයි නොකරන එකට ඊලග දවසේ බැනුම් අහන්නත් වෙනවා....ඒ විතරක් නෙවේ එයාගේ ඔෆිස් රූම් එකත් වෙලාවකට මට සුද්ද කරන්න උනා........

දවස් හිමීට ගෙවිලා යද්දි මන් ජිමින්ගෙත් උදව් අරන් ඊගල්ස්ලා දාලා මගේ ඔම්මයි අප්පයි ඇමරිකා වලට පිටත් කරේ නිකේල් මේ දේවල් දැන ගත්තම කොහොමත් මාව විතරක් නෙවේ ඔම්මයි අප්පයිත් අතාරින්නේ නෑ කියලා දන්න නිසා......

ජින්ගේ නපුරුකම් වෙලාවකට දරාගන්න බැරි තරම් සාහසිකයි......එයා තරහා ගිය වෙලාවට අමනුස්සයෙක් වගේ හැසිරෙන්නේ.......විශේශෙන්ම එයා නිකේල් නිසා මට සෑහෙන්න නපුරුකම් කරා.....වෙලාවකට ජින්ගෙන් මගේ ජීවිතේ බේරන්නේ ජිමින් හරි කූකී හරි......එයාලා නැත්තන් අද මන් මැරුනු තැන් වල ගසුත් පැලවෙලා.

ටේගේ රෙජිස්ට්‍රේශන් එකේ වැඩයි ඔෆිස් එකේ වැඩයි කරන අතරතුර එදා නිකේල් කිව්ව අවුරුදු දාහතරේ ළමයි තුන් දෙනා හොයන එක වගේම නිකේල්ගේ ඩ්‍රග්ස් ලයින් එක හොයන එකත් මගේ වැඩක් උනා...........සුගාගෙයි හොබීගෙයි උදව් ඇතුව මගේ ලගම යාලුවෙක් උනු NIS එකේ කාරාවත් යොවාගේ ඊගල්ස්ලත් දාලා මන් ඒ දේවල් හොයන්න ගත්තා.ගොඩක්ම අමාරු උනේ නිකේල්ගෙන් මේ දේවල් හන්ගන එක

කොහෙද යන්නේ කීයටද එන්නේ මන් ගිහින් දාන්නම් මන් එක්කගෙන යන්න එන්නම් කාත් එක්කන්ද යන්නේ ඇයි පරක්කු උනේ වගේ ප්‍රශ්න අහ අහ නිකේල් මගේ පස්සෙන්ම හිටිය එක මට කරදරයක් උනා.......ඇරත් නිකේල් මට දක්වන අමුතු හොයා බැලිල්ලනම් මට ටිකකවත් ඇල්ලුවේ නෑ.මගේ හිත කීවේම නිකේල් මේ වෙන දේවල් ගැන සෑහෙන්න දන්නවා කියලා......මොකද මේ වෙද්දිත් නිකේල්ට සම්පූර්ණයෙන්ම ගෝල්ඩ් ,ඩයමන්ඩ් ඩීල්ස් නැති වෙලා තිබ්බා.

හවස පහට විතර මන් කලු හූඩියක් දාගෙන කැප් එක්කුත් දාගෙන කැප් එකට උඩින් හූඩියේ කැප් එකත් දාගෙන කලු ලෙගින් එකට ඩෙක්ස් ශූස් දාගෙන මන් එලියට බැස්සේ මේ වෙලාවට කොලේජ් වල ඩ්‍රග්ස් යූස් කරන ලමයි එලියට බහිනවා කියලා දන්න නිසාමයි.........කාරාටත් එන්න කියලා මන් කාරාත් එක්කන් පයින්ම ඇවිදන් ගියේ ජින් වෙහිකල් දෙන්න අහද්දිමයි.........අපි දෙන්නා පාලු පාරවල් දිගේ ඇවිදගෙන යද්දි ඒ අහල පහල පිරිමි ළමයි වගේම ගෑනු ළමයිනුත් එක්කෙනා දෙන්නා හිටියා........දෙපාරක් තුන්පාරක්ම ඇවිද්ද කාරායි මායි එක ගෑණු ළමයෙක් ලග නැවතුනා.ඒ ලමයා අපි දැකලා බය වෙලා එතනින් යන්න හැදුවත් කාරා එයාව නවත්තගත්තා.....

My CEO || KSJ(Completed)Where stories live. Discover now