My CEO-part 02

2.9K 523 12
                                    

MY CEO
PART 02

🐼හරි දැන් ගිහින් ටිකක් රෙස්ට් කරනවා.කොහොමත් මුගේ පාටිය ඉවර වෙද්දි හෙට පාන්දර වෙයි.

ජින් එහෙම කියද්දි මන් උඩට ගියේ ඇත්තටම මට මහන්සි නිසා.නින්ද යාගෙන වගේ එද්දි ඩෝ බෙල් එකේ සද්දෙට මට ආයෙම ඇහැරුනා........මන් කොන්ඩෙත් උඩට වෙන්න බැදගෙන පහලට එද්දිම වගේ ජිනුත් කාමරේ ඉදලා එලියට ආවා.....

🐼ගිහින් ඇදුමක් දාගෙන ලෑස්ති වෙනවා.කට්ටිය ඇවිත් ඉන්නේ.මන් දොර අරින්නම්

ජින්ගේ නපුරුකම් මට නිකේල්ගේ පහර කෑම් වලට වඩා ගොඩාක් රිදුනා......මන් සුසුමක් හෙලලා උඩ තට්ටුවට ගිහින් ආයේම ඇදුමක් දාගෙන පහලට එද්දි එතන හිටියා කෙල්ලෝ කොල්ලෝ විස්සක් විතර.ඒ ඇස් අතර මටත් නොදැනීම මන් ජින්ගේ ඇස් හෙව්වේ ඇයි කියලා මටම තේරෙන්නේ නෑ......මන් හිමීට කිචන් එක දිහාට ගිහින් කෑම ටික ලෑස්ති කරා....

නිකේල් ඇවිත් මගේ ලගින්ම හිටගද්දි මට හුස්ම ගන්නත් අමතක උනා.මන් ඒ තරමට ඒ නපුරු ඇස් වලට බයයි

😈මගේ කෙල්ල ඇවිත් ඉන්නවා....පාඩුවේ හිටපන් මගේ වයිෆ් ගාන්න යන්නේ නැතුව හරි.අනිත් එක මගේ යාලුවොන්ට හොදටම සලකපන් නැත්තන් මන් උබව මෙතනම මරලා දානවා.

නිකේල් රහසින් උනත් සැරෙන් කියලා යද්දිම වගේ මන් අනිත් පැත්තට හැරුනේ මගේ කදුලු පාලනේ කරගන්න මටම බැරි උනු නිසයි.

🥀ඇයි දෙවියනේ මේ මනුස්සයාට මන් මොනවා කරාටද

එහෙම හිතන ගමන් සාලේ ඉන්න කට්ටිය දිහා මන් බැලුවා.....කෙල්ලෝ තුනක් හිටියා.....එක කෙල්ලෙක්නම් දිග ගවුමක් ඇදලා කොන්ඩේ කඩලා...නිවුන පාටයි......ඒත් අනිත් දෙකනම් දකින්න කැතයි.ඒ ඇදුම් ඇන්දට වඩා හොදයි නිකන් ඉන්නවා.....ඒ කෙල්ලෙක් නිකේල් වටේ කැරකි කැරකි ඉන්නවා මන් බලාගෙන..........ටිකකින් නිකේල් සෝෆා එකේ ඉදගද්දි ඒ කෙල්ලත් ගිහින් නිකේල්ගේ බෙල්ල වටේ අත් යවලා ඔඩොක්කුවේ ඉදගත්තා......

ඒක දැක්ක මන් ඉක්මනට අහක බලාගත්තේ මන් ඒ දෙන්නා අතරට නොදැනුවත්ව හරි ඇවිත් නේද කියන හැගීමෙන් මගේ හිත පිරිලා යද්දි.

🐼ඕයි කී පාරක් කතා කරාද මන්

ජින්ගේ සද්දෙට මන් උඩ ගියේ නිකේල්ගේ සිහියෙන් හිටිය නිසා......ජින් කතා කරත් මට ඇහිලා නෑ කියලා තේරුනේ ඒ වෙලාවේ.

My CEO || KSJ(Completed)Where stories live. Discover now