My CEO-part 15

2.2K 440 22
                                    

My CEO
Part 15

🥀නෝරා මෙහාට එන්න ඔයා ඔතනින් වැටෙයි

මන් කියාගෙනම ඉස්සරහට යද්දි ජිනුත් නෝරාට ඒ විදිහටම කෑ ගැහුවා.මන් නෝරාට ලන් වෙද්දි එයා තවත් අඩියක් පස්සට තියද්දි මන් හිටිය තැනම නැවතුනේ මන් තවත් ළගට ගියොත් එයා තවත් පස්සට යයි කියලා බයට......එයාගේ ඇස් වලින් කදුලි පේලි දෙක තුනක්ම රෑටලා ගියත් එයා හිටියේ හිනා වෙලා

🐼නෝරා විකාර නොකර මෙහෙට එනවා

ජින් කෑ ගැහුවත් නෝරා එතනින් හෙලවුනේ නෑ

🌺ප්ලීස් එමී මට සමාවෙන්න.........ජින් සමාවෙන්න..........මගේ.....මගේ පැටියව හොදින් බලාගන්නවා කියලා මන් දන්නවා ඔයාලා.........

නෝරා කියන ගමන් එයාගේ කදුලු පිහලා කදුලු අතරින් හිනා උනත් ඒ හිනාව පිටුපස්සේ තිබ්බේ එච්චර හොද අරමුණක් නෙවේ කියලා මගේ හිත කෑ ගැහුවා

🌺එමී...ජින් මට පොරොන්දුවක් වෙන්න

🥀නෝරා ලිස්ට්න්.....අපි කතා කරගන්න තියන දෙයක් පස්සේ කතා කරගමු....ප්ලීස් ඔයා ඔතනින් මෙහාට එන්නකෝ

🐼නෝරා ප්ලීස් i beg you මෙහාට එනවකෝ නෝරා

නෝරා බෑ කියන්න ඔලුව වැනුවා

🌺මට පොරොන්දු වෙන්නකෝ

🥀හරි මන් මොකද්ද පොරොන්දු වෙන්න ඕනේ

මන් හිටියේ ගොඩාක් කලබල වෙලා උනත් මන් මාවම පාලනේ කරගෙන සන්සුන් විදිහට ඇහුවේ මන් කලබල වෙද්දි නෝරාත් කලබල උනොත් එතනින් පහලට වැටෙයි කියලා බයට.

🌺මගේ පැටියා.....නෑ ඔයාලගේ පැටියා.....ඔයාලගේ ජිනී......එයාට කවදාවත් එයාගේ ඇත්ත අම්මා මන් කියලා කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න.........එයා මන් ගැන දැනගන්න ඕනේ නෑ එමී.....එයා මට වෛර කරයි......ප්ලීස්

නෝරා අත් දෙකත් එකතු කරලා අඩ අඩ කියද්දි මගේ ඇස් වලට මටත් නොදැනීම කදුලු උනලා තිබුනා.......මන් හා කියලා ඔලුව වනද්දි ජිනුත් කතා කරා

🐼නෝරා මන් පොරොන්දු කඩන මනුස්සයෙක් නෙවේ ඒක ඔයා දන්නවා....මන් ජිනීට මුකුත් කියන්නේ නෑ.එමී කියන්නෙත් නෑ......ඒත් ඔතනින් දැන්වත් අයින් වෙනවා නෝරා ප්ලීස්

My CEO || KSJ(Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin