My CEO-part 20 (end)

3.3K 580 140
                                    

My CEO
Part 20 (end)

නිකේල් දවසින් දවස ශක්තිමත් වෙද්දි ජින් දවසින් දවස පසු බැස්සා.....ඒත් එමීගේ කුතුහලේ දවසින් දවස වැඩි උනා....මොකද එමීට හිතුනෙම නිකේල් එයාව හිර කරගෙන ඉන්නවා කියලා...එමී රෑ පුරාවට හද දිහා බලාගෙන බැල්කනි එකට වෙලා කල්පනා කරේ තනියම කියවන ගමන් උනත් එයා ළගට අපූරු යාලුවෙක් ආවා........උකුස්සෙක්........එමීට එයාව දැකලා පුරුදුයි...ඒ උකුස්සා පියාඹගෙන ඇවිත් බැල්කනි එකේ වැටේ වැහුවේ එමී දිහා ඒ තීව්‍ර ඇස් කරකන ගමන් තටුත් දෙපැත්තට විහිදලා.........

🥀මෙයා නේද එදා උසාවියට ගිය දවසේ කාර් එක පස්සෙන් ආවේ

එමී උකුස්සා දිහාට අත දික් කරා..උකුස්සා ඇවිත් ඒ අතේ වහද්දි එමී නිකන් පුරුදුකාරියක් වගේ උකුස්සගේ බෙල්ල අත ගෑවා

🥀ඕමෝ මෙයාත් මට පුරුදුයි මාත් මෙයාට පුරුදුයි වගේනේ...මෙයා පැටියෙක් තාම මාස තුනක විතර...

එමී උකුසු පැටියගේ ඇස් දිහා බලාගෙන මතක් කරේ එදා ජින්ගේ ගෙදරත් එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකේ උකුස්සෝ ගොඩක් තියාගෙන හිටිය ගර්ල්ස්ලා ගැන......නිකේල් රූම් එකේ දොරට තට්ටු කරනවා ඇහෙද්දි උකුසු පැටියා මගේ අතින් ඉගිලිලා ගිහින් මගේ කාමරේ හොදට පේන ගහක වැහුවා......නිකේල් කතා කරත් මන් කතා කරේ නෑ.මන් බාතෲම් එකට ගිහින් මගේ ඇදුම් ඔක්කොම උනා දාලා මගේ නිරුවත් ශරීරේ දිහා බලාගෙන ඉද්දි මගේ අත නිරායාසයෙන්ම බෙල්ලේ තිබ්බ නෙක්ලස් එකට ගියා...(මතකයි නේද ළමයි ජින් නෙක්ලස් එකක් දැම්මා කියලා එමී හොස්පිට්ල් ඉද්දි)

ඒ නෙක්ලස් එක ජින්ගේ කරේ තිබ්බා වගේ මට මතකයි......ඒත් කොහෙද........ඒ ගෙදර මට පුරුදුයි ....එයාලා මට ළගයි වගේ දැනෙන්නේ ඇයි....

එමීට ඕනේ උනේ නිකේල්ට හොරෙන් කොහොම හරි ජින්ගේ ඩෝර්ම් එකට යන්න....කෙල්ලව නිකන්ම එතෙනට ගෙනියන්න දෛවයට ඕනේ වෙන්න ඇති...මතකයක් නැති උනත් එමීට ඒ ගැන අමතකයිම කියන්න බෑ.මොකද එමීගේ හිතේ ජින්ගේ මතක හෙවනැල්ලක් වගේ රැදිලා තිබුනා...නිකේල්ගෙන් එන නුපුරුදු සුවද ජින්ගෙ එන හුරුපුරුදු උණුසුම ළග හැමදාම එමී සැකේකින් නිකේල් දිහා බැලුවා....

My CEO || KSJ(Completed)Место, где живут истории. Откройте их для себя