Chapter (04)

3K 408 36
                                    

ජන්ග්කුක්ට ඕනෙ වුනා ටේ එක්ක ඊයේ රෑ වුන දේ ගැන කතා කරන්න.ඒත් ඒ වෙලාවෙ ඒ ගැන කතා කරන්න ටේ කැමති වුනේ නෑ.ටේ කිව්වා ඒ ගැන රෑ වෙලා කතා කරමු කියලා.එහෙම කියලා ටේ එතනින් නැඟිටලා යන්න ගියා.

කුකීගෙ හිතට මේ දේ ගොඩක් වද දෙනවා.මොකද ටේ කියන්නේ කුකීගෙ හොඳම යාලුවා.අනික කුකී ජීවිතේට නොකරපු දෙයක්, කරන්න තියා හිතුවෙවත් නැති දෙයක්...කුකී බීලා හිටිය නිසා එයාගේ හැඟීම් පාලනය කරගන්න අමාරු වුනා.ඒකයි එහෙම දෙයක් ඊයේ රෑ කුකීගෙ අතින් වුනේ.

"අද නම් එලියට බහින්නවත් බැරි වෙයි වගේ...ශිට් ප්ලෑන්ස් ඔක්කොම හිමේම යනවා..."

ජනේලයෙන් එලිය දිහා බලන ගමන් මෙහෙම කියන්නේ කුකීලා එක්ක ආපු යාලුවෙක්.ගොවිපලට කිට්ටුව තියෙනවා තරමක් උස කන්දක්.කට්ටිය කතා වෙලා හිටියෙ අද ඒ කන්ද නගින්න යන්න.ඒත් අද කාලගුණය ටිකක් හොඳ මදි.හිම වැටෙන්න අරන් ඒ වගෙම ගොඩක් සීතලයි...අද සෙල්ලම් කරන්නවත් කට්ටියට එලියට බහින්න විදියක් නෑ..ඒ නිසා හැමෝම ගේ ඇතුලට වෙලා උණු උණුවෙන් කොෆි බොන ගමන් ගේම් දෙක තුනක් කලා.මේ අතරේ කුකී ටේ දිහත් ටේ කුකී දිහත් දෙන්නට දෙන්නා නොදැනෙන්න සැරින් සැරේ බලනවා.

"කුකී දිහා බලද්දී තාමත් මගෙ පපුව වේගෙන් ගැහෙනවා...මොකක්ද මේකට කරන්නේ මං..."

ටේ කුකී දිහා බලන සැරයක් ගානෙ හිතුවේ මේ දේ විතරයි..ඒ අතරේ කුකී ටේ දිහා බලන ගමන් හිතුවේ.,,

" මං කොහොමද ඊයේ වුන දේ ටේට තේරුම් කරලා දෙන්නේ..."

දෙන්නගෙ හිත් වල එකම යුද්ධයක් දැන්....😶 කන බොන කරන කියන දේ පවා දෙන්නා සිහියක් ඇතුව නෙවෙයි කරන්නේ...මේ දෙන්නගෙ වෙනස යාලුවෝ දැක්කා හොඳින්ම.ඒත් තේරුම් ගන්න බැරි වුනා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා....

" මොකක්ද බන් උබලා දෙන්නට වෙලා තියෙන්නෙ...උදේ ඉදන්ම දෙන්නා ඉන්නේ මොක්කුද එවුන් වගේ..මොකක්ද වුනේ...ප්‍රශ්නයක් නම් කියපන්...උබලා මොකේකට හරි ඇනගත්තද...?? "

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now