Chapter (12)

2.4K 332 51
                                    


" උබ මොකද එක පාරටම කොරියා ගමන හදිසි කරන්න හදන්නේ..මොකක් හරි ප්‍රශ්නයක්ද..? "

" ආහ් එහෙම දෙයක් නෙවෙයි බන්..මාසයක් ඉන්න බෑ කුකියව නොදැක...ඒකයි..ආහ් තව එකක් කුකියා දන්නෙ නෑ මං වේලාසනින් එනවා කියලා...උබලා කියන්න යන්නත් එපා මං බැලුවේ සප්‍රයිස් කරන්න..."

ලන්ඩන් යාලුවෝ දෙන්නා දන්නේ නෑ කුකියා ටේව මඟාරින බව..ටේ මේ කිසි දෙයක් ඒ දෙන්නට කිව්වේ නෑ..ටේට ඕනේ වුනේ කුකියටත් නොකියම කොරියා වලට යන්න..මොකද ටේගෙ හිතට වද දුන්නා කුකීගෙ ඒ හැසිරීම.ඒ නිසා හොරෙන්ම කොරියා වලට ගිහින් කුකියා වෙනස් වෙන්න හේතුව ටේගෙ ඇස් දෙකෙන්ම දකින්න ඕනෙ වුනා..මාසයක් නොයිද සති දෙකෙන් ටේ කොරියා වලට යන්න හැමදේම ලෑස්ති කරගත්තා..

" මේ අහපන්කො බන්...මං අද කුකියට කෝල් කරන්නේ නැහැ..උබලට කෝල් කලොත් කියපන් වීසා එකේ වැඩේට මං එලියට ගියා කියලා..මං අද කොරියා වලට යනවා කියලා දැනගන්න තියන්න එපා..කොල්ලට පොඩි සප්‍රයිස් එකක් දෙන්න ඕනේ..."

" ආ...හරි හරි කොල්ලෝ..කුකියා කතා කලොත් එහෙම කියන්නම්..උබ කොරියා වලට ගිය ගමන්ම අපිට කෝල් එකක් දීපන්...ඕකේ..? "

" අනිවාර්යයෙන්ම මචන්...මං එහෙනම් යන්නම්..උබලත් පරිස්සමින් ඉදපල්ලා..."

" ඕකෙ මචන් පරිස්සමින් පලයන්...සතුටින් ඉදපන් දෙන්නම..."

ටේ කොල්ලා airport එකේදි ලන්ඩන් යාලුවෝ දෙන්නට සමු දීලා කොරියා වලට එන්න පිටත් වුනා...

" ජන්ග්කුක්...! යමු ලන්ච් එක ගන්න..."


නම්ජූන් කුකියගෙ කැබින් එකට ඇවිත් වෙනදා වගෙම ලන්ච් ගන්න එලියට යන්න ජන්ග්කුක්ට කතා කරනවා...

" ආහ් නම්ජූන් ඉන්න මං එන්නම්..."

නම්ජූන් සේහි ජන්ග්කුක් තුන් දෙනාම ලන්ච් එකට වෙනදා යන කැෆේ එකටම යනවා..කැෆේ එකට ගිහින් තුන් දෙනාම එක ටේබල් එකේ ඉදන් කෑම ගන්න ගමන් පොඩි කතාවකුත් දානවා...සේහි නම්ජූන් එක්ක හැසිරෙන්නේ මොකුත් නොවුන ගානට..නම්ජූන්ගේ අතේ එල්ලිලා හොරෙන් හොරෙන් ජන්ග්කුක් දිහා බලලා කට කොනින් හිනා වෙනවා..

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now