Chapter (07)

2.5K 361 32
                                    

" ජන්ග්කුක් කවදාවත් ඒ වගේ මෝඩ දෙයක් කරන්නෙ නෑ..මට මගෙ පුතාව විශ්වාසයි...කවුරුත් කියපු පලියට කතා හදන්න එපා මගෙ පුතාට..."

" අනේ මේ තමුසෙගෙ මහලොකු පුතා...තමුසේ මොනවද දන්නේ.ගේ අස්සටම වෙල රිංගන් ඉන්න තමුසෙ දන්නවද ලෝකෙ වෙන දේවල්, කියන කතා..? "

" ළගින් ඉන්න බැරි වුනාට කොල්ලා ඒ කාලෙ ඉදන්ම හැදුන වැඩුන විදිය ගැන මම හොඳට දන්නවා..ආශ්‍රය කරපු මිනිස්සු කවුද කියලත් මං දන්නවා..ජන්ග්කුක් කීයටවත් මට ලැජ්ජා වෙන විදියෙ දෙයක් කරන්නෙ නැහැ..ඒක මට විශ්වාසයි..."

" හරි බලමුකෝ මහ ලොකු පුතන්ඩියා ගෙදර ආවම ඇත්ත නැත්ත..."

කුකීගෙ අම්මයි, අම්මගෙ හස්බන්ඩයි එකම යුද්ධයක් ගෙදර...අම්මගෙ හස්බන්ඩ්ට කොලේජ් එකේ ලෙක්චර කෙනෙක්ගෙන් ආරංචි වෙලා කුකී ටේ එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා...හස්බන්ඩ් ගෙදර දෙවනත් වෙන්න අම්මට බනිනවා..අම්මා කොහොමත් ඒ මනුස්සයා එක්ක එච්චර හිත හොඳකින් නෙවෙයිනෙ හිටියේ..

" අම්මා...මං ආවා..මොකද වුනේ "

කුකී ගෙදර ආපු ගමන්ම අම්මා කුකී ලඟට දුවගෙන ගිහින්...කුකීගේ කම්මුල් අල්ලගෙන අඬන ගමන් මෙහෙම කියනවා..

" පුතා මට ඇත්ත කියන්න..එහෙම දෙයක්.....එහෙම කිසිම දෙයක් නැහැ නේද...පුතා..? "

" අම්මා..? මට තේරෙන්නෙ නෑ අම්මා කියන දේ...කොහොම දෙයක් ගැනද අම්මා මගෙන් අහන්නේ.?"

කුකී සෑහෙන්න බය වෙලා හිටියෙ.මොකද අම්මා එක සීරුවට කුකීව බදාගෙන අඬනවා...

" මෙන්න මෙහෙම දෙයක් ගැනයි අහන්නේ.. උත්තර දෙන්න පුළුවන්ද..? ආ... කතා කරනවා ඉතින්..."

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now