CHAPTER 01

8.4K 671 105
                                    

CATHEDRAL  OF DAUGU ..
Daegu ,Gyeongsang , Korea..
1970.

" ජීවිතය ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ වගකීම සෑම පුද්ගලයෙකුටම ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ජීවිතය ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ වගකීම සෑම පුද්ගලයෙකුටම ඇත.. ජීවිතයේ අධිපතියානෝ මහෝත්තම වූ දෙවියන් වහන්සේය.. ජීවිතය ස්තූති පූර්වකව පිලිගෙන දෙවියන් වහන්සේගේ මහිමය හා අපගේ ආත්ම ගැලවීම සදහාද ආරක්ශා කිරීම අපට පැවරී ඇති යුතුකමකි..දෙවියන් වහන්සේ අපිට පවරා ඇති ජීවිතයේ හිමිකරුද දෙවියන් වහන්සේ මිස අපි නොවෙමු...

ඒ 1970 වර්ශයේ දෙසැම්බර් 25 වන දින ජේසුස් වහන්සේගේ උපත නිමිතිකොට ගෙන පැවැත්වූ විශේෂ දේව මෙහෙයයි.. නන්දෙසින් පැමිනි බැතිමතුන්ගෙන් මුලු පල්ලියම පිරී ගොස් තිබිනි.. තම දුක් නැති කිරීමට මෙලොවට පැමිනි දෙවියන් වහන්සේ හට සියලු දෙනාම තම කෘතඥතාව ප්‍රකාශ කල අතර  තමාට මෙවැනි ජීවිතයක් ලබා දීම පිලිබදව සියලු දෙනාම තම ස්තූතිය දෙවියන් වහන්සේ ඉදිරිපිට දන නමා ප්‍රකාශ කලේය..

නමුදු ඉදිරිපස පෙහෙලියක සිටි කලු පැහැති ඝන කොන්ඩයක් සහ තද දුබුරු පැහැති දීප්තිමත් ඇස් සහිත කුඩා පිරිමි ලමයෙකු කදුලු පිරි දෑසින් යුතුව දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කලේය..

" ඇයි ඔබ වහන්සේ මට මේ වගේ  ජීවිතයක් දුන්නේ.. මම.. මම මොකක්ද කරපු වරද මේ තරම් අසරන ජීවිතයක් ලබන්න.. ඔබ වහන්සේට මා ගැන කරුනාවක් නොමැතිද?.... "

ඔහු එක දිගටම දෙවියන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කලේය..තම ජීවිතය පිලිබදව කිසි දිනක සතුටට පත් නොවූ ඔහු.. නමින් jeon jungkook  ය..  ඔහු වසර 15 කට පෙර අද වැනි නත්තල් දිනකම පල්ලිය ඉදිරිපිට හැරදමා ගොස් තිබු අනාත දරුවෙකි.. ඔහු ජීවිතයේ කිසි දිනක තම මව හෝ පියා පිලිබදව කිසිවක්ම දැන නොසිටියේය..  ඔහුට ඔවුන්ගෙන් ලැබූ එකම දායාදය වූයේ එදින සිටම තම ගෙලෙහි තිබූ ලිලී යැයි ඉංග්‍රීසි අකුරෙන් කොටා තිබූ  රවුම් හැඩැති පෙන්ඩනයක් සහ දබ රත්තරනින් කර තිබූ මාලය සහ  කෙටි සටහනක් පමනි..

My White calla Lily [ Completed ]Where stories live. Discover now