CHAPTER 46

1.2K 313 117
                                    

ජංකුක් සෙමි සෙමින් තම දෑස් විවර කලේය.. ඒ වන විටද කාමරය තුලට ගලා විත් තිබූ මද පමනින්  වූ හිරු දැල්ල නිසා තම දෑස් ඇර ගැනීමට මද අපහසුවක් දැනුනද ඔහු එය නොසලකා හරිමින් තම දෑස් සෙමි සෙමින් විවර කරන්නට විය..

ඒත් සමගම තම එක් අතක් ගුලි කොට ගෙන තමා සිටිනා ඇදෙහි කෙනකට හිසද  තබාගෙන නින්දක සිටිනා ටේහ්‍යුන්ග් ව ජංකුක් ගේ නෙත ගැටුනේය.

ජංකුක් මුවගෙහි සිනහවක් නංවා ගත්තේය.. තමා ඔහුව හැර යාවී යැයි වූ බිය නිසා ටේහ්‍යුන්ග්  මෙලෙස තම අත ඉතා තදින් අල්ලා සිටින්නේ යැයි ජංකුක්  හට සිතුනේය..

එනිසාම ඔහුගේ අතැගිලි අතර ගුලි වී තිබූ තම අත ඉන් ඉවතට  ගත් ජංකුක් සෙමි සෙමින් ටේහ්‍යුන්ග්ගේ  හිස පිරිමදින්නට විය.. මුවගෙහි මහත් වූ ප්‍රීතියක්ද, සිතෙහි මහත් වූ ආලයක්ද ගැබ් කොට ගෙන ටේහ්‍යුන්ග් ගේ හිස ඉතා ආදරනීය ලෙස ජංකුක් විසින් පිරි මදින්නට විය..

ඒ අතර තුර තම අනෙක් අත ඔස්සේ  යම් උනුසුම් වූ යමක් ලගාගෙන  යන බව ජංකුක් හට දුනුනේය.ඔහු ඉක්මනින්ම තම  හිස ඒ දෙසට යොමු කරන්නට විය.. .

ඔහු පුදුම විය.. තම ඒ අත්ල මත හිස තබාගෙන  සිටිනා ජිමින්ව දැකීම ජංකුක් ව පුදුම කරන්නට වූයේය....ඊටත් වඩා ජංකුක්  මෙතරම් වේලාවක් ජිමින් එහි සිටිනා  බව නොදැකීම පිලිබදව පුදුම වන්නට විය..

ඒත් සමගම එක දිගටම තම අතැගිලි අතරින් ගලා යන ඒ උනුසුම් වූ දෙය ජිමින්  ගේ දෑසින් වැටෙනා කදුලු බව වටහා ගැනීමට ජංකුක් හට බොහෝ වේලාවක් නොගියේය..

නමුදු ඔහු අවදියෙන් හඩන්නේද?? නැතහොත් සිහිනයෙන් හඩන්නේද යන වග ජංකුක් හට තේරුම් ගත නොහැකි විය..

එනිසාම ටේහ්‍යුන්ග් ගේ හිස කෙස් අතර රැදි තම  අත ගෙන ජංකුක් සෙමි සෙමින් ජිමින් ගේ හිස පිරිමදින්නට විය..

ජංකුක් කල්පනා කලේය.. ජිමින් ගේ  එම   පුදුම වූ පෞරුෂය පිලිබදවද , ඔහු එක් දිනක් එක් තත්පරයකට හෝ තමාව  අත් නොහැරීම පිලිබදවද , තමා ගෙන් සුලු තරමින් හෝ ආලයක් ඔහු හට නොලැබුනද ඔහු සෑම තත්පරයකම තමා හට කාරුනික වූ ආකාරයද , තමා කොතරම් ප්‍රතික්ෂේප කලද තමා හට මහ මෙරක් තරමින් වූ ආලය ලබා දුන් ආකාරයද කල්පනා කරන්නට විය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now