CHAPTER 09

1.9K 537 88
                                    

" ලොකු බේබි... ලොකු මහත්තයා ඔයාට කතා කරනවා.. "

තම තොල් වලින් ජංකුක් ගේ තොල් ගැබුරු ලෙස සිප ගනිමින් සිටි ටේහ්‍යුන්ග්ද , ටේහ්‍යුන්ග් ගේ පහසින් මත් වී සිටි ජංකුක්ද ඔවුන් පිටිපසින් ඇසුනා වූ හඩ නිසාම තිගැස්සී යන්නට වූ අතර එනිසාම ජංකුක්ගේ කමිසය තුලින් තම අතද ඉවතට ගත් ටේහ්‍යුන්ග් තම දෙතොල්ද පිසදාගෙනම පිටුපස බලන්නට විය..

මිස්ටර් කිම් ගේ පෞද්ගලික ලේකම් වූ නිම් ව එහි ඔහු දුටු අතර ඔහුගේ පුදුමයෙන් පිරි තුබූ දෑස් දකිනා විට සිදු වූ දෙය ඔහු නිසැකයෙන්ම දකින්නට ඇතැයි ටේහ්‍යුන්ග් තේරුම් ගත්තේය ..

එනිසාම ඔහුට කිසිවක් නොකියූ ටේහ්‍යුන්ග් , අසුගෙන් බැසීමට ජංකුක්ට ද උපකාර කර අසුව නැවත වරක් ස්තාලය වෙතට ගෙන ගියේය ..

" ටිකකට කලින් ඔයා මුකුත්ම දැක්කේ නෑ කියලා මම විශ්වාස කරන්නම් "

ජංකුක් ද සමග මිස්ටර් නිම් අසලට පැමිනි ටේහ්‍යුන්ග් ඉතා තියුනු බැල්මකින් යුතුවම ඔහුට පැවසුවේය ..

කිම් ටේහ්‍යුන්ග් පිලිබදව මිස්ටර් නිම් තුල කිසිදිනක පැහැදීමක් නොතිබූ නිසාම ඔහු මෙවැනි අසීලාචාර දෙයක් සිදු කිරීම ඔහුට පුදුමයක් නොවුනේය..

නමුත් ජංකුක් යනු වීනිත , සීලාචාර මෙන්ම මෘදු හදවතක් ඇති අයෙකු ලෙස  සෑම දිනකම සිතූ මිස්ටර් නිම්ට ඔහුගේ මෙම හැසිරිම නම් කුතුහලයක් පමනක්ම විය... විටෙක එය ටේහ්‍යුන්ග් විසින් ජංකුක් ට බලහත්කාරයෙන් සිදු කලා වූ අතවරයක් ලෙස ඔහු සිතන්නට වූ නමුත් ජංකුක් ගේ දෑත් ද හෙමි හෙමින් ටේහ්‍යුන්ග් ගේ හිස කෙස් අතරින් ගමන් ගන්නා බවද දුටු ඔහුට තමා නිවැරදි නොවනා බවද සිතෙන්නට විය..

එනිසාම කිසිදිනක දැක නොතිබූ එම පිරිමීන් දෙදෙනෙකුගේ ගැබුරු සිප ගැනීම දෙස ටික වෙලාවක් බලාසිටි නිම් තවත් එම අසීලාචාර ක්‍රියාව දෙස බලා සිටීමට නොහැකි වූ නිසාම ඔවුන්ට බාදා කිරීමට මෙන් තම හඩ අවදි කරන්නට විය..

" ඔව්.. මමත් එහෙම විශ්වාස කරනවා."

තමා ඉදිරිපිට සිටිනා  ටේහ්‍යුන්ග්ට  සහ ජංකුක් ට හිස නමා ආචාර කල නිම් වෙනත් කිසිවක් නොකියාම නිවස දෙසට ගමන් කලේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now