CHAPTER 35

1K 305 159
                                    

ජනෙල් තිර රෙදි අතරින් ගලා ආ හිරු කිරණ මුහුනට පතිත වීම නිසාම සෙමි සෙමින් තම දෑස් ඇරි ටේහ්‍යුන්ග් දැඩි හිසේ වේදනාවක් දැනෙද්දීම නින්ද ගොස් තිබූ සෝෆා ව මතින් නැගිටින්නට විය..

ඒත් සමගම තවමත් අත් පා සෙලවීමට හෝ නොහැකි වන ලෙස ගැට ගසා ඇති , ඉදිමීම නිසා විශාල වී තිබූ දෑස්ද සහිතව තමා පෙර දින රාත්‍රියේ තුවාල කල තොල් අතර මිදුනා වූ ලේ කැටි කිහිපයක් සහිතව නිරුවතින් තම ගෙලද එක් පැත්තකට ඉතා අපහසුවෙන් හරවා ගෙන සිටිනා ජංකුක් ව දැකීම ටේහ්‍යුන්ග් ගේ මුලු සිරුරම වේදනාවෙහි ගිල්වූයේය..

ඒත් සමගම තමා පිලිබදවම දැනුනා වූ පිලිකුල් සහගත හැගීම් සමුදායක් සිතෙහි සිරකොට ගෙන ජංකුක් අසලට ගොස් බැද තිබූ බැමි වලින් ඔහුව නිදහස් කල ටේහ්‍යුන්ග් ඉතා ආදරනීය ලෙස ජංකුක් ව තම පපුවට තුරුලු කොට ගෙන ඔහුගෙන් සමාව අයදින්නට විය..

" ජංකුක් ... my love... මට සමාවෙන්න ...  මට.. මට සමාවෙන්න .. "

ටේහ්‍යුන්ග් ගේ උනුසුම නිසාද ඔහු ඉතා නොසන්සුන් ලෙස තමාගෙන් සමාව අයදිනා නිසාද ඇස් ඇර ගැනීමට හෝ නොහැකි ලෙස ඉදිමී තිබූ තම දෑස් ඉතා අපහසුවෙන් වුවද විවර කල ජංකුක් , තම දෑත් ද ටේහ්‍යුන්ග් ගේ පිට දෙපසින් පටලවාගෙන ඔහුගේ පපුව මතට තව තවත් තුරුලු වන්නටවිය..

My love.. ම..මට සමාවෙන්න.. තම පපුවට  ගුලි වී සිටිනා ජංකුක් ගේ නලල මත උනුසුම් වූ හාදුවක් තබා ඔහුව තම සිරුර මතට ගත් ටේහ්‍යුන්ග් ඔහුගේ අතැගිලි ඉතා සෙමි සෙමින් ජංකුක් ගේ හිස කෙස් අතරින් සිනිදු ලෙස යවනා අතරතුර පවසන්නට විය..

මට මාව පාලනය කර ගන්න බැරි වුනා ජංකුක් ... ඔයා මාව රැවැට්ටුවා.. එහෙම නැත්තම් ඔයා මට දුන්නු හැම පොරොන්දුවක්ම කඩ කරා.. ඊටත් වඩා ඔයා දැන් වෙන කෙනෙක්ට අයිති දෙයක් කියලා මට දැනෙනකොට මට මාව පාලනය කර ගන්න බැරි වුනා ජංකුක් ...

ඔයා දන්නවා මම ඔයාට කොයි තරම් ආදරෙයිද කියලා.. ඒත් ඔයා ඒ ආදරේට පිටුපාලා මම සිහියනැතුව හිටිය දවස් කීපයට කසාදෙකුත් කරගෙන කියන එක  මම කොහොමද දරාගන්නේ ජංකුක් .. ඒ හැගීමට මම කොහොමද  වෛර නොකර ඉන්නේ..

My White calla Lily [ Completed ]Where stories live. Discover now