CHAPTER 10

1.9K 510 161
                                    

සාදය තුල වූ ඉහලම පැලැන්තියේ පිරිස් වෙත ජංකුක් යනු තම දෙවන පුත්‍රයා බවත්, තම ධනය තම පුතුන් දෙදෙනා අතර සමව බෙදී යන බවත් පවසමින් මිස්ටර් කිම් එහි වූ අයට ජංකුක්ව හදුන්වා දෙන්නට විය.. ඇත්තෙන්ම මහලුවයසේ පසුවන ඔහුට නොසිතනා ලෙස කිසිවක් සිදුවුවහොත් සමාජය ඉදිරිපිට ජංකුක්ට ගැටලුවක් ඇති නොවීමට අවැසි නිසාම ඔහුව මෙම සාදයටද , පැමිනි සිටි පිරිසටද හදුන්වා දීමට මිස්ටර් කිම්ට අවැසිවිය..

තමා හදුන්වා දෙන සියලු දෙනාටම හිස නවා ආචාර කිරීමටද , ඉතාමත් සුහදශීලි ලෙස ඔවුන් සමග හැසීරීමද ජංකුක් කලේය .... නමුත් ටිකකින් තමා පිටුපස බලනා විට ටේහ්‍යුන්ග් ඔහු සමග නොසිටීම ඔහු තුල වූ ධෛර්යය මදක් පමන හීන කිරීමට පටන් ගත්තේය..

නමුත් විවිද වර්ගයේ සැරසිලි වලින් සරසා තුබූ සාද භූමිය වෙත තම දෑස් යොමු කර බැලූ ජංකුක්ට වයින් වීදුරුවක්ද අතැතිව , සම වයගේ යැයි සැලකිය හැකි වෙනත් පිරිමි ළමුන් කිහිප දෙනෙකු සමග සිටිනා නමුත් තමා දෙසටම දෑස් යොමු කරගෙන සිටිනා ටේහ්‍යුන්ග් ව නෙත ගැටුනේය ... එනිසාම ජංකුක් ගේ සිත තුල වූ නොසන්සුන් කාරීත්වය නැවත වරක් කෙමි කෙමින් පහව ගියේය..

නමුත් ටිකකින් එම ස්ථානයේ ඔහු නොමැති බව දුටු ජංකුක් නැවත වරක් සාද භූමිය තුල ඔහුව විපරම් කර බැලුවේය .. නමුත් ඔහුගේ දෑස් සොයා ගැනීමට ජංකුක්ට නොහැකි වූ නිසාම මිස්ටර් කිම් ගෙන් මදකට පමන අවසර ගත් ජංකුක් , ඉදිරිපස තිබෙනා ප්‍රදාන ඇතුල් වීමේ දොරටුව ලගද ඉන් ඉදිරිපස තිබූ උද්‍යානය තුලද ටේහ්‍යුන්ග් ව සොයන්නට විය.. නමුත් ඒ කිසි තැනක ටේහ්‍යුන්ග් හෝ ඔහු ටිකකට පෙර කතා කරමින් සිටි යහලුවන් කිසි කෙනෙකු සොයා ගත නොහැකි විය..

එනිසාම තව තවත් වුවමනාවෙන් තම දෑස් සෑම දෙසකටම යවා ටේහ්‍යුන්ග් ව ඔහු සොයන්නට වූවද , ඔහු නොසිතනා පරිදි කවුරුන් හෝ පිරිසක් ඔහුව වට කර ගන්නා බව ඔහුට තේරුනේය..

" සර් ඔයා KKW ව්‍යාපාරයේ දෙවෙනි උරුමක්කාරයා කියලා අපිට දැන ගන්න ලැබුනා .. ඒක ඇත්තද ? "

" සර් මෙච්චර කල් මිස්ටර් කිම් ගේ එක පුතෙක් ගැන විතරයි අපි දැනගෙන හිටියේ... ඇයි ඔයා ගැන මාද්‍යයෙන් මෙච්චර කල්හැංගුවේ.. "

My White calla Lily [ Completed ]Where stories live. Discover now