CHAPTER 15

2K 457 161
                                    

කිසිවෙකු හෝ නොසිතූ ලෙස මුලු ප්‍රේක්ෂකාගාරයම ප්‍රසංගය නැරබීමට පැමිනි ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන්නට විය..

එම මහත් වූ ජනකායද , ඔවුන්ගේ ඝෝශාවෙන් නොසන්සුන් වූ තම සවන් ද සිතට දැනුනා වූ නොසන්සුන් කමද නිසාම වේදිකාව පිටිපස වූ වේශ නිරූපණ කාමරය තුල තම ඇතැගිලි එකිනෙකට පටලවා ගනිමින්ම ඉතා නොසන්සුන්කාරී ලෙස ජංකුක් එහේ මෙහේ ඇවිදින්නට වූයේය..

තම දෙපා අඩපන වී ඇති බවද , හිසේ සිට තම ගෙල දක්වාම ගලා යන ලෙස තමා දහඩියෙන් නැහැවී ඇති බවද තම හදවත ඉතා වේගයෙන් ගැහෙනා බවද  ජංකුක් හට දැනුනේය ..  එමෙන්ම ජිවීතයේ පලමු වරට විශාල පිරිසකගේ දැස් ඉදිරිපිට තවත් සුලු මොහොතකින් තමා හට තම ඉදිරිපත් කිරීම සිදු කිරීමට සිදු වන බව දැනීම ජංකුක් ව තව තවත් තැති ගැන්වීමද , නොසන්සුන් කිරීමද සිදු කරන්නට විය..

" ජංකුක් ... හැමදේම හොදින් නේද ? "

ප්‍රසංගය ආරම්බ වීම සදහා තවත් පැයකට පමන ආසන්න  කාලයක්  ඉතිරිව පැවතියද  නර්තන කන්ඩායමේ අන් සාමාජිකයන් සමග ජංකුක් නොසිටි නිසාම ජිමින් විසින් ඔහුව සොයා ඔහු සිටි කාමරය වෙත පැමිනියේය..

නමුත් ජංකුක් ගේ නොසන්සුන්කාරී හැසිරීමද , අදුරු වී ගොස් තිබූ දෙනෙත්ද නිසා ඔහු කුඩා ලමයෙකු මෙන්  විශාල පිරිසක් ඉදිරිපිටට යාමට බිය වී ඇති බවද , ඔවුන් ඉදිරියේ තම ඉදිරිපත් කිරීම සිදු කිරීමටද  බිය වී ඇති බව ජිමින් තේරුම් ගත්තේය..

එනිසාම ඔහු අසලට ගිය ජිමින් වෙව්ලමින් තිබූ ඔහුගේ දෑත් තම දෑත් වලින් තද කර අල්ලා ගැනීමද ඔහුගේ දෑස් දෙස බලාම ඔහුව ඇමතීමද සිදු කලේය..

" ඔයා දැක්කම මට මාවම මතක් වෙනවා ජංකුක් ..  දැනට අවුරුදු කීපයකට කලින් මමත් ඔය විදියටම බය වෙලා හිටියා.. හැමෝම ඉස්සරහට යන්න ඇත්තටම බය වෙලා හිටියා.. ඒත් එදා හැමදේම ගොඩක් හොදට වුනා.. මොකද මම ඒකට හොදින් පුරුදු වෙලයි හිටියේ.. නර්තනය මගේ හදවතින්මයි කරේ.. ඒක නිසා හැමදේම හොදට වුනා. ඔයත් ඒවගේ ජංකුක් .. ඔයා නර්තනයේ යෙදෙන්නෙත් මුලු හදවතින්මයි .. ඒ නිසා බය නැතුව හිතට ඉඩ දෙන්න.. ඔයා ගැනම විශ්වාස කරන්න.. ඔයාව බැරිනම් මාව විශ්වාස කරන්න.. මට හොදටම විශ්වාස යි ඔයා ඒක විශිෂ්ට විදියටම කරනවා කියලා.. "

My White calla Lily [ Completed ]Where stories live. Discover now