CHAPTER 06

2.3K 569 213
                                    

ආදරය..

අකුරු හතරකින් හැදුනු හරි සරල වචනයක්...

ඒත් ඒ අකුරු හතර ඇත්තටම සරලද?

කෙනෙකුගේ ජීවිතය ජීවත් කරවන වගේම තවකෙකුට තමන්ගෙම ජීවිතය නැති කරන ඒ අකුරු හතර එච්චරම සරල වෙන්න පුලුවන්ද?

බැදීම්..

අකුරු තුනකින් හැදුන තවත් සරල
වචනයක්...

ඒත් ඒ අකුරු තුන විටක අපේ ජීවිතය කොච්චර විචිත්‍රවත් කරනවද? හරියට හද පේන්නවත් නැති අමාවක රැයක චූටි චූටි තරු කැට ගොඩක් ඒ අදුර නසලා එලිය දෙනවා වගේ නේද? සමහර විටක හොදට හදපායපු රැයකටත් වඩා ඒක විචිත්‍රවත් වෙන්න පුලුවන් නේද ?

ඒත් වැඩියෙන්ම ලස්සන තරු ගොඩක් පායපු අමාවක රැයද , එහෙමත් නැතනම් ලස්සනට හද පායපු රාත්‍රියක්ද කියලා ප්‍රශ්න කරොත් හැමෝම එකම උත්තරයකට නම් එකග වෙන්නේ නැති වෙයි නේද ?

නමුත් ඒ එකග නොවීම අසාදාරනද?

තමා අකමැති දේ ප්‍රතික්ෂේප කිරීමත් , කැමති දේ නතු කර ගැනීමත් අසාදාරන දෙයක්ද?

සමහරෙක් ආලෝකය වැඩියෙන්ම තිබෙනා පුර හද සහිත රාත්‍රිය තෝරා ගැනිම වරදක් ද ?

තවත් සමහරෙක් අදුර අඩු වුවද ලස්සනට පෙනෙන ඒ අමාවක රාත්‍රිය තෝරා ගැනීම වරදක්ද?

එකිනෙකට වෙනස් වූ මෙම තෝරා ගැනීම් නිසාම කෙනෙකුගේ ජීවිතය තවකෙකුට විනිශ්චය කල හැකිද?

එය කොතරම් සදාචාරය සම්පන්නද?

පිරිමියෙක් රූමත් තරුනියක් සමග ඇතිකර ගන්නා බැදීම සහ තවත් තමා වැනිම පිරිමියෙකු සමග ඇති කර ගන්නා බැදීම අතරද කිනම් හෝ වෙනසක් තිබේද..

ඒ දෙකෙන් සිදුවන්නේද පාලු වී යන රාත්‍රි අහස තරු මගින් හෝ සද මගින් ආලෝකමත් වන්නා සේ තවත් ගැහැනියක හෝ පිරිමියෙකු මගින් තම පාලු වූ ජීවිතය ආලෝකමත් කර ගැනීම නොවෙයිද?

My White calla Lily [ Completed ]Where stories live. Discover now