CHAPTER 07

2.4K 581 236
                                    

William Shakespeare

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

William Shakespeare ... ඒ නම අහපු ගමන්ම හැමෝම වගේම එයාව ගොඩක් හොදට දන්නවා.. Romeo and juliet , Hamlet , king Lear , Othelo වැනි සියල්ලක්ම ඔහුගේ සිතෙහි මැවුනු අපූරු නිර්මාන.. ආදරය... රාගය... ජීවිතයේ සතුට වගේ දේවල් පදනම් කරගෙන බිහි වූ ඔහුගේ මෙම නිර්මාණ ඇත්තටම ආශ්චර්යයක්..ඒත් ඒ නිර්මාණ වල අපිට නිතරම දකින්න පුලුවන් වුනේ දුක්ඛිත අවසානයක්..

නමුත් " shall I compare thee to a summer's day " නැත්තම් සමහරෙක් "sonnet 18 " ලෙස හදුන්වන පැදි පෙලවල් දාහතරකින් සමන්විත වන පිරිමියෙකුගේ සිත තුල තම ආදරවන්තයා නැතහොත් තවත් පිරිමියෙකු පිලිබදව ඇතිවන ආදරය විස්තර කරනා ඔහුගේ මෙම නිර්මාණය ඇත්තෙන්ම විශිෂ්ඨයි..

ඒක පටන් ගන්නෙම " මට ඔයාව ගිම්හානයේ එක් ලස්සන දිනකට සමාන කරන්න පුලුවන්ද ? .. " කියන ප්‍රශ්නයත් සමගමයි.. ගිම්හානය ... අපි හැමෝම ආස කරන එක ලස්සන ඍතුවක් ... ඒත් තමාගේ ආදරවන්තයව ඒ ලස්සන ඍතුවට සමාන කරන්නත් ඔහු එතරම් කැමති නෑ.. ඇත්තෙන්ම ඔහුට තම ආදරවන්තයා ඊටත් වඩා පරිපූර්ණ කෙනෙක්.. ඔහු තුල වූ සුන්දරත්වය ගිම්හානය ඍතුවටත් වඩා වැඩි බවයි ඔහු විශ්වාස කරන්නේ.. එම නිසාම සමහර විටක රලු සුලගින්ද, වෙනස් වන හිරු කිරනින්ද , ඉවසීමට නොහැකි තරම් දැනෙනා වූ අවු රශ්මිය නිසාද සුන්දරත්වය වෙනස්වන ගිම්හාන ඍතුව කිසි දිනෙක වෙනස් නොවෙනා පරිපූර්ණ සුන්දරත්වයකින් යුතු වූ ඔහුගේ ආදරවන්තයාටද , කිසි දිනෙක මිය නොයෙනා ඔහුගේ ආදරයෙහි මතකයන්ටද , සදාතනික වූ තම ආදරය හිමි එකම පුද්ගලයා වන ඔහුටද සමාන කිරීම නොගැලපෙන දෙයක් බවයි ඔහු සිතන්නේ..

ඒ වගේම ඔහු විශ්වාස කරනවා තම ආදරය... තම ආදරය ලද එම පරිපූර්ණ පුද්ගලයාගේ සුන්දරත්වය නියැත වශයෙන්ම අමරනීය වන බව සහ ඔහුගේ මෙම පැදි පෙල තිබෙනා තුරු කිසිවෙකුට එය වෙනස් කල නොහැකි බව...

My White calla Lily [ Completed ]Where stories live. Discover now