CHAPTER 21

1.2K 345 111
                                    

"A thousand times good night my love.."

තම අතැති වූ ටේහ්‍යුන්ග් විසින් ජංකුක් හට ලබාදීමට යැයි පැවසූ කෙටි සටහන ජංකුක් වෙත ලබා දීමට පෙර ජිමින් විසින් හොදින් කියවන්නට විය..

ජංකුක් ගේ නිමන් නොමැති ඉල්ලීම් නිසාම පිටතට යා නොකැකි ලෙස lake house  හී සිරකොට කිම් මහතා විසින් ප්‍රතිකාර කරනා ටේහ්‍යුන්ග් ව හමුවීමට ජිමින් පිටත් වූයේය ..

නමුදු ටේහ්‍යුන්ග් ජංකුක් හට ලබා දෙන මෙන් පවසා ලබා දුන් මෙම සටහන තමා ජංකුක් හට ලබා දිය යුතුද.. ලබා නොදිය යුතුද යැයි ජිමින්  සිතන්නට විය.. එය කියවන  සෑම විටකම එය සාමාන්‍ය රාත්‍රි සුබපැතුමක් නොවනා බව ජිමින් හට දැනුනද , එහි ඇති අර්ථය ඔහු හට වටහා ගත නොහැකි විය..

ඒ පිලිබදව සිත සිතාම ජංකුක් සිටි සෝල් වල පිහිටි කිම් මහතාගේ නව නිවසට පැමිනි ජිමින්, ජංකුක් රැගෙන ඒමට පැවසූ බව සදහන් කොට ටේහ්‍යුන්ග් ගෙන් ඉල්ලා ගත් ඔවුන්ගේ කාමරයෙහි ලාච්චුවක් තුල දමා තිබූ ජංකුක් ගේ මවගෙන් ලද රන්  මාලය සාක්කුව තුලට දමාගෙනම ටේහ්‍යුන්ග් දුන් සටහනද අතැතිව මෝටර් රථයෙන් බැස ජංකුක් ගේ කාමරය වෙත ගමන් කරන්නට විය..

" ජිමින්.. ජිමින් ඔයා ගියාද ? මගේ ටේහ්‍යුන්ග් ව බලන්න ගියාද ? එයා හොදින් නේද ? එයාට කරදරයක් නෑ නේද ? එයා මං ගැන ගොඩක් දේවල් ඇහුවද ? මම හොදින් ඉන්නවා කියලා ඔයා එයාට කිව්වද ? අප්පා මොනවා කරත් මගේ හිත.. මගේ ආදරය වෙනස් වෙන්නෑ කියලා ඔයා එයාට කිව්වද ? එයාටත් එහෙම වෙනස් වෙන්න එපා කියලා ඔයා  කිව්වද ?

ජංකුක් සිටි කාමරායෙහි අගුලු දමා තිබූ දොර විවර කරගෙනම කාමරය වෙතට පැමිනි ජිමින් ගෙන් ජංකුක් එලෙසට එක දිගටම ප්‍රශ්න කරන්නට විය.. ටේහ්‍යුන්ග් පිලිබදව දැන ගැනීම සදහා ජංකුක් තුල වූ නොයිවසිල්ලත් සමගම ජංකුක් ජිමින් ගෙන් ප්‍රශ්න කරන්නට විය..

ජංකුක් ගේ කදුලින් පිරී ගොස් තිබූ නොසන්සුන්කාරී දෑස් දුටු ජිමින් , හදවතෙහි කැඩපත වූ එම දෑස් තුලින් ජංකුක් ගේ සිතතුල ටේහ්‍යුන්ග් හට ඇති නිමක් නොමැති ආලයද , ඔහු පිලිබදව දැන ගැනීමට ඇති කුතුහලයද හොදින් දකින්නට විය.. ඒත් සමගම එම ස්ථානය තමාට හිමි එකක් බැව් ජිමින් සිතන්නට වුවද ටේහ්‍යුන්ග් විසින් ලබා දුන් සටහන ජංකුක් වෙත ලබාදීමද , ඔහු සුවෙන් පසු  වන බව සහ ඒ පිලිබදව කනගාවු නොවී සතුටින් සිටිනා ලෙසට ටේහ්‍යුන්ග් පැවසූ බවද , ඔහු කිසි දිනක අත් නොහැරිනා ලෙසටම ජංකුක් හට ආලය කරනා බැව්  පැවසූ බවද ජිමින් විසින් ජංකුක් හට පවසන්නට විය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now