CHAPTER 40

1.1K 318 105
                                    


සුදු පැහැති බිත්ති සහ විශාල වූ චිත්‍ර රාශියකින් අලංකාර වූ කොරිඩෝව දිගේ පැමින 306 නමින් නම් කර තිබු දුබුරු පැහැති දොර ඉදිරිපිට සිට ගත් ටේහ්‍යුන්ග් ඉතා කලබලයෙන් යුතුව සාක්කුවෙන් එලියට ගත් යතුරෙන් ඉදිරිපිට වූ දොර විවර කොටගෙන දැඩි නොසන්සුන් තාවයෙන් යුතුව කාමරයට ඇතුලු විය..

ඒත් සමගම හිස පුපුරා යන තරම් වූ වේදනාවක් දැනුනු ඔහු තම අතට අසු වන සියලුදෙයම විනාශ කර දැමුවේය..

ඔහු කෑ ගැසුවේය. කාමරය තුල වූ  රාක්කය මත වූ පොත් ද , ඉදිරිපස වූ මේසය මත වූ විසිතුරු බඩුද , කාමරය තුල වූ පුටු මේස ආදියටද  තමා තුල වූ වේදනාවට, දුකට මෙන්ම පසුතැවීමට වගකියමින් විනාශ කර දැමුවේය..

එමෙන්ම  සිතෙහි වූ දැඩි වේදනාවත් සමගම  තම අත් වලින් ඔලුව අල්ලාගෙන බිම දිගා වූ ටේහ්‍යුන්ග් ඔහුගේ දෛවයටද, ඔහුගේ අතීතයටද ,එමෙන්ම දෛවය පාලනය කරනා කවරෙකු හෝ සිටීනම් ඔහුටද ශාප කරන්නට විය..  කෑගසමින් මේ දෛවයට වගකිව යුතු වන සියල්ලන්ටම ශාප කරන්නට විය.

" ජංකුක් .. ඔයා මට දඩුවම් කරන්න ඕනී.. ඒත් මේ තරම් ලොකු දඩුවමක් ඔයාට මට දෙන්න බෑ my love.. කවදාවත්ම දෙන්න බෑ.. "

දින දෙකකට පෙර තමා විශාල වූ බලාපොරොත්තු රාශියක් සමගින් කොරියාවට පැමිනි ආකාරයද , නමුදු එහිදී තමා හට පාලු වී ගොස් තිබූ ලේක් නිවසද, ජංකුක් නම් වූ අයෙක් කොරියාව තුල ජීවත් වූ බව අමතක වූ සමාජයද , ඔහු පිලිබදව හෝ ඔහු මේ වන විට සිටිනා ස්ථානයක් හෝ සොයා ගත නොහැකි වූ සැටිද, මේවන විට කිම් ව්‍යාපාර සියල්ලක්ම කලමනාකරනය කරනා පාර්ක් ජිමින්ව තමා කොතරම් මුණ ගැසීමට උත්සාහ කලද ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ ආකාරයද , එනිසාම තමා කෙමී සිටිනා බවට ආරන්චි වූ නිවස වෙතට ගමන් කල ආකාරයද එනිසාම ඇයගේ මුවින් මීට සුලු මොහොතකට පෙර තමා ජංකුක් පිලිබදව දැන ගත් සියල්ලක්ද ඔලුව තුල දෝංකාර දෙමින් මුලු සුරුරම අඩ පණ කරන්නා වූ තරමේ වේදනාවක් ටේහ්‍යුන්ග් හට උරුම කරනා විට , තම සිතෙහි වූ වේදනාව කේන්තියක් ලෙසින් මෙන්ම කදුලු මතින් ටේහ්‍යුන්ග් පිට කරන්නට විය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now