CHAPTER 22

1.3K 361 98
                                    

" නොම්බර 2798 , ලී වුන් සා.. "

තද කලු පැහැති හිසකෙස් සහිත වූ කලු පැහැති විශාල දෑස් සහිත ඉතා හොදින් වැඩුනු පෘශ්ටිමත් ශරීරයක් හිමිව තිබූ ලී වුන් සා ජිවීතාන්තය දක්වා සිරදඩුවම් විදීමට නියමව සිටි තමාව මුන ගැසීමට කිසි දිනක කවරෙකු හෝ නොපැමිනයද, අද දින හමුවීමට කෙනෙකු පැමින ඇති බව දන්වමින් ජේලර්වරයෙකු ඔහුගේ නම ප්‍රකාශ කිරීම ඔහුව පුදුම කරන්නට විය..

මෙලොව තමාගේ යැයි පැවසීමට කිසිවෙකු හෝ ඉතිරිව නොසිටි ඔහු සුලු වේලාවකට හෝ සැගව තිබූ සියලු රහස් එලි වී තම පුතු තමා බැලීමට පැමිනි ඇති බව සිතා සතුටු වූයේය.. ඔහුගේ දෑස් දිලිසෙන්නට වූයේය.. එම හැගීමත් සමගම තම අතැගිලිද වෙව්ලා යන බවක් තේරුනු ලී මහතා බලාපොරොත්තු රාශියකින්ම තම සිත පුරවාගෙන ගමන් කරන්නට විය..

නමුදු තමා ඉදිරිපිට සිටිනා වයස අවුරුදු විසිගනනක පමන වන තරුනයාව දකිනා විට ඒ තම පුතු නොවනා බව ඔහුගේ දෑස් දකිනා විටම හොදින් වටහා ගත් ලී මහතා එක් නිමේශයකින් නැසී ගිය තම බලාපොරොත්තු පිලිබදව පසු තැවුනේය..

එක් නිමේෂයකට හෝ සියලු රහස් හෙලි වි ඇති බවක් සිතීමද , එලෙස සිදු වී ඇති බව සිතා සතුටු වූ තමාවම ඔහු පිලිකුල් කරන්නට විය.. තමා පිලිබදව හෝ තම හැගීම් පිලිබදව කිසිදු තැකීමක් සිදු නොකල ලී මහතා ඒ සියලු රහස් සෑම දිනකම වැලලී තිබිය යුතු බවද තමා හට තම පුතුව අහිමි වුවද ඔහුගේ සුබ සිද්දිය සදහා එම රහස් කිසි දිනෙක එලි නොවන්නේ යැයි ප්‍රාර්ථනා කිරීමද සිදු කලේය..

ඒත් සමගම පැමින ඇති එම පුද්ගලයා දෙස තියුනු බැල්මකින් බැලූ ලී වුන් සා කිසිවක් නොපවසාම ඔහු දෙසම බලා සිටියේය..

" හමුවීම සතුටක් ලී මහත්තයා.. ඔයාගේ කඩවසම් බව ගැන මීට පෙර මම අහල තිබුනත් , තවමත්කඩවසම් බවවිදියටම ඇති කියලා මම කවදාවත්ම විශ්වාස කරේ නෑ.. "

තමා දෙස තියුනු බැලමක් යොමු කොට ගෙන බලා සිටිනා ලී මහතාගේ දෑස් දකිනා විට තමා පිලිබදව ඔහුගේ දෑස් තුල විශාල වූ කුතුහලයක් ගැබ්ව ඇති බවද තම පැමිනීම ගැන අප්‍රසන්න වූ හැගීමක් ගැබ්ව ඇති බවද තේරුම් ගත් ජිමින් ඒ පිලිබදව නොතකා ඔහු හා සුහදව කතා කිරීමට පටන් ගත්තේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now