CHAPTER 25

1.1K 321 210
                                    

ජංකුක් .. ජංකුක් ලෙස නොනවත්වාම අඩ සිහියෙන් මුමුනමින් සිටි ටේහ්‍යුන්ග් ගේ තොල් යාන්තමින් සෙලවෙනා දෙස බලා සිටි චෝයි දොමී  ඔහුගේ මුහුන තැනින් තැන  රත් පැහැති වූ කැලැල් වලින් පිරී තිබුනද ඔහු තවමත් පෙර මෙන්ම කඩවසම් බව සිතුවේය..

පෙර දින  පුවත් පතක  පල වී තිබූ ලිපියෙහි තමා ඉදිරිපිට දැන් සිටිනා කඩවසම් තරුනයාගේ ජායාරූපයක් ද සමගම පල වී තිබූ එම ලිපිය ඇය ටේහ්‍යුන්ග් ගේ පිය වී තිබූ දෑස් දෙසම බලමින්ම කල්පනා කරන්නට විය..

එම ලිපියට අනුව තමා ඉදිරිපිට සිටිනා මෙම කඩවසම් තරුනයා  සමලිංගිකයෙකු බවද , සමලිංගිකත්වය පිලිබදව නිර්මාන කල,  නීතිය ඉදිරියේ වරදකරුවෙකු  බවද ඇය දැන සිටියද ඇය තුල ඔහු  පිලිබදව අන් අය තුල මෙන් අප්‍රසාදයක් ඇති නොවුනේය.. ඉතා අඩු වයසින්ම අසම්මතය වැලද ගත් චෝයි දෝමී එම හේතුව නිසාමදෝ හෝ තමා ඉදිරිපිට සිටිනා අසම්මතය ,  සම්මතයක් කිරීමට උත්සාහ දැරූ කඩවසම් තරුණයා හට ආකර්ශන වන්නට විය..

එය රාගික හැගීමක් දෝ හෝ ඉන් ඔබ්බට ගිය වෙනත් හැගීමක් දෝ යැයි ඇයටම වටහා ගැනීමට අපහසු වුවද , සම්මතය යන රාමුව තුල කොටු වී ඇති පිරිසගෙන් තමා ඉදිරිපිට සිටිනා තරුණයාව රැක ගත යුතු බව ඇය සිතුවේය.. එලෙසට සිදු කරනා ලෙස ඇගේ හදවත ඇය හටම බල කරන්නට විය..

" ජංකුක් ?? "

එක් වරම තිගැස්සී මෙන් අවදි වූ ටේහ්‍යුන්ග් , තමා හට දැනුනා වූ තම ප්‍රියතම සුගන්දය වූ ලැවැන්දරා සුවදින් පිරී පැවති එම කුටියෙහි ඉතා වේගයෙන් හුස්ම ගනිමින් ජංකුක් ගේ නම පවසන්නට විය..

නමුදු ඔහු නොසිතූ පරිදි විනිවිද පෙනෙනා කලු පැහැති රාත්‍රී ඇදුමකින් සැරසී සිටි සාරාගී වූ රෑමත්  කාන්තාවක් ඔහුගේ නෙත ගැටුනේය.. එම කලු පැහැති රාත්‍රී ඇදුම තුලින්ම දුටු ඇයගේ පිරිපුන් පියයුරුද  , කඩා දමා තිබූ ඇයගේ තද කලු වන් දිගු කෙස් කලඹද,  ඇය බාවිතා කර තිබූ ලා රතු පැහැති තොල් අලේපන නිසා පිරිපුන් බවින් පිරී තිබූ ඇගේ දෙතොල් මෙන්ම අය අසලින් හමා ආ ලැවැන්දරා සුවදද , ටේහ්‍යුන්ග් නොසිතු ලෙසට තම නිරුවත් පපුව මතින් දැනුනා වූ ඇයගේ අතැගිලිද ටේහ්‍යුන්ග් ව ව්‍යාකූල කලේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now