CHAPTER 08

2.1K 559 185
                                    

"ලොකු බේබි නැගිටලද ඉන්නේ නැනී ? "

තමා ඉදිරිපිට ඇති කන්නාඩිය තුලින් පෙනෙනා තම රුව දෙස බලාම තමා පිටුපස  පලතුරු යුෂ වීදුරුවක්ද අතැතිව සිටිනා නැනී බේලාගෙන් ජංකුක් විමසුවේය ..

" ලොකු බේබි තාම නැගිට්ටේ නෑ පොඩි මහත්තයා.. "

කෙටි හුස්මක් ද පහත හෙලමින් තම අතැති පලතුරු යුෂ වීදුරුව ජංකුක් අතට දෙන ගමන්ම නැනී එසේ පවසන්නට විය..

වේලාව උදෑසන නවයත් පසු වී ගොස්ය.. නමුත් සතියේ දිනවල මෙන්ම සතිඅන්ත දිනයන් වලද ටේහ්‍යුන්ග් ව උදෑසනින් අවදි කරවීම ඉතා අපහසු කාර්‍යයක් විය.. රැකියාවක  ඇති වටිනාකම පිලිබදව කිසිදු අදහසක් නොවූ ඔහු නිරන්තරයෙන්ම තම නින්දට බාදා කරනා හෝ තම නිදහසට බාදා කරනා සේවකයන් එක් ක්ශනයකින් ඉවත් කර දැමීමට කටයුතු කලේය.. ඔහුගේ මෙම ක්‍රියාව නිසාම ඔහුගේ උදෑසන නින්දට බාදා වන පරිදි ඔහුගේ කාමරයට ගොස් ඔහුව අවදි කරවීමට නැනී බේලාද ඇතුලු  කිසිවෙකු එතරම් කැමැත්ත නොදැක්වූ යේය..

එනිසාම තම කාමරයෙන් ඉවතට පැමිනි ජංකුක් , ටේහ්‍යුන්ග් ගේ කාමරය වෙතටද ගමන් ගන්නට විය.. ඔහු යන විටද ටේහ්‍යුන්ග්ගේ උදෑසන පලතුරු යුෂ වීදුරුවද අතැතිව ඔහුගේ කාමරයෙහි දොර විවර කිරීමටද පැකීලීමෙන් සිටිනා තරුණ සේවිකාවන් කිහිප දෙනෙකු ජංකුක්ට නෙත ගැටුනේය..

ඔවුන්ගේ වෙව්ලනා අතැගිලිද , අදුරු වී ඇති දෑස් ද දකිනා විට ඉදිරිපිට ඇති දොර විවර කලහොත් තම රැකියාවට කුමක් වේදැයි යන බිය ඔවුන්ගේ සිත් තුල තදින්ම ගැබ්වී ඇති බව ජංකුක්ට හොදින්ම වැටහෙන්නට විය.. ඇත්තෙන්ම මෙලෙස අනෙකාව අපහසුතාවයට පත් වන පරිදි හැසිරෙන ටේහ්‍යුන්ග් ගේ අසීලාචාර ගති ගුන පිලිබදව  ජංකුක් නිරන්තරයෙන්ම ටේහ්‍යුන්ග් ට  පැමිනිලි කලද  කුඩා කල සිටම හිතුවක්කාර ලෙස තම සිතැගි අනුව කටයුතු කරනා ටේහ්‍යුන්ග් ව  එතරම් පහසුවෙන් වෙනස් කල නොහැකි බව කාලයත් සමගම ජංකුක්  තේරුම් ගත්තේය .. එනිසාම ඔහුව උදෑසන අවදි කරනා කාර්‍යය තමා විසින්ම සිදු කිරීමට ජංකුක් පුරුදු වුයේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now