CHAPTER 12

1.9K 499 173
                                    


ආදරණීය ටේහ්‍යුන්ග් ,

ආදරය කියන්නේ නිර්වචනයක් දෙන්න බැරි හරි ගැබුරු හැගීමක්.. එක තප්පරේකින් සතුට හා දුක වෙන වෙනම ලබා දෙන්න පුලුවන් දෙයක්.. ආකර්ශනයකට වඩා ගොඩක් ගැබුරු දෙයක්.. හරියට ඔයා වගේ.. තේරුම් ගන්න ටිකක් විතර අමාරු romantic era එකේ ලියපු ලස්සන poem එකක් වගේ..

සමහර වෙලාවට මට දැනෙනවා ඔයා මගේ ලග ඉන්නවා වගේ.. මගේ කන් පෙති වලට උනුහුම දැනෙන විදියට හුස්ම ගන්නවා වගේ..  තවත් වෙලාවක මට දැනෙනවා ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ.. ඔය කොලපාට ඇස් දෙක ආදරයෙන් පුරවගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ... තවත් සමහර වෙලාවට මට දැනෙනවා ඔයා මාව ස්පර්ශ කරනවා වගේ..මගේ මුලු සිරුරම උනුසුම් කරනවා වගේ.. ඒවෙලාවට මටත් දුකක්ද සතුටක්ද කියලා හිතා ගන්න බැරි අමුතුම දෙයක් දැනෙනවා.. ඒත් මම හැගීමට කැමති.. ඔයා මගේ ලග නැතත් මගේ ලග ඉන්නවා කියලා හිතන්න මම ඇත්තටම කැමතී..

මම පසුතැවෙන්නේ නෑ.. ඔයාව මගෙන් දුරකට යන්න ඉඩ දුන්නට.. පියෝනි මලක් නොවී ලිලී මලක් වෙලා ඔයාගේ හීන වලට යන්න උදව් කරාට.. ඔයාගේ ඔම්මා වගේම අප්පත් ගොඩක් කැමැත්තෙන් හිටිය හීනෙට යන්න ඔයාව මගේ බැදීම් වලින් නිදහස් කරාට.

My White calla Lily [ Completed ]Where stories live. Discover now