CHAPTER 38

982 318 110
                                    

තුන් වසරකට පසුව 1990 දී ලන්ඩනයේ දෙමහල් නිවසක් තුල..

.
.
.
.
.
.

" ටේහ්‍යුන්ග් ... මම ඇතුලට එන්නද ? "

කිහිප වතාවක්ම උඩු මහලෙහි වූ ටේහ්‍යුන්ග් ගේ කාමරය ඉදිරිපිට සිට ඔහුගේ කාමරයට ඇතුලු වීම සදහා චෝයි දෝමී විසින් අවසර ඉල්ලා සිටියද, ටේහ්‍යුන්ග් ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසාම අගුලු නොදමා තිබූ දොර විවර කොට ගෙන චෝයි දෝමී තම අත වූ මීට සුලු මොහොතකට පෙර ලැබුනා වූ ලිපියද අතැගිලි අතර ගුලිකොට ගෙන ටේහ්‍යුන්ග් ගේ කාමරය තුලට ඇතුලු විය..

ඒත් සමගම පොත් මේසය මත හිසද තබාගෙන කුමක් හෝ සටහන් කරමින් සිටිනා අතරතුරම නින්ද ගොස් තිබූ ටේහ්‍යුන්ග් වෙත දෝමී ගේ දෑස් යොමු වූයේය..

එනිසාම ඉහලට ගත් විශාල වූ හුස්මක්ද සමග ඇද අසල තිබූ පෙර දින ටේහ්‍යුන්ග් විසින් හිස් කල පත් පැන් බෝතල්ද, අළු බඳුන් කිහිපයක්ම පුරවා තිබූ බාගයට දැල්වූ සිගරට් කොටද කාමරය තුලින් ඉවත් කල දෝමී , කාමරය තුල වූ සිගරට් දුමාරය එලියට යැවීමට අවැසි වූ නිසාම කාමරය තුල වූ ජනේලය වෙත ගමන් කරන්නට විය..

නමුදු දිගු කාලයකින් එම ජනෙල් විවර කර නොතැබීම නිසාම මල බැදී තිබූ සරනේරුද, මකුලුවන්ගේ රජ දහනක් වී තිබූ ජනෙල් පියන් දෙසද මද වේලාවක් බලා සිටි ඇය ඉතා අපහසුවෙන් යුතුවම එහි වූ ජනෙල් පියන් දෙක විවර කලේය..

ඒත් සමගම කාමරය තුලට පැමිනි හිරු කිරණ නිසාම තම දෑස් හෙමි හෙමින් විවර කල ටේහ්‍යුන්ග් එම ආලෝකය පැමිනෙන දෙසට තම දෑස් යොමු කලේය..

" ඒක වහන්න.. ඒ ආලෝකය මේ කාමරයට ගැලපෙන්නේ නෑ.. "

අසල වූ යකඩ තහඩුවෙන් නිමවූ සිල්වර් පැහැති පෙට්ටිය තුලින් දුම් වැටියක් ඉවතට ගත් ටේහ්‍යුන්ග් දෝමි වෙත තම දෑස් යොමු නොකටම එය තම දෙතොල් අතර රදවාගෙන අත වු ලයිටරයෙන් එය දැල්වීමට සැරසෙමින් පැවසුවේය..

" ටේහ්‍යුන්ග් ඔයාට ලියුමක් ඇවිත්.. "

තම අත වු ටේහ්‍යුන්ග් වෙත පැමිනි ලිපිය ලියුම් කවරයෙන් එලියට ගනිමින් ටේහ්‍යුන්ග් ගේ නිදන ඇද මත වාඩි වූ දෝමී වෙව්ලනා කටහඩකින් යුතුවම ටේහ්‍යුන්ග් හට පැවසුවේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now