CHAPTER 37

1K 320 249
                                    


රාගී වූ පියෝනි මල ,

රාගය.. රාගය කියන්නේ ඇලීම.. බැදීම් අතර ඇති කරගන්නා ඇලීම .. එතකොට නුඹ කියන්නේ ඒ රාගය මතින්ම පිපුනු  මගේ පියෝනි මල..

අපි මුනගැසුනා.. තනි වුනු අපේ ආත්මයන් සුවපත් කරමින් අපි මුනගැසුනා...  මට අදටත් මතකයි ඔය ඇස්.. මම විශ්වාස කරා නුඹ  ලිලී මලක්ම බව .. සුදු පැහැති පිවිතුරු ලිලී මලක්ම  බව..

මම ආකර්ශනය උනා.. තව තවත් ආකර්ශනය වුනා.. ඒ පිවිතුරු බවට මෙන්ම  ඒ සුන්දරත්වයට..

අපි අපේ වුනා.. හැම රෑයකම අපි අපේ වුනා.. ඔය ඇස් කදුලින් පිරෙනකන්.. තත්පර විනාඩි වෙලා කාලය පියඹනකන්.. අපි අපේ පහසින් මත් වෙනකන්.. අපි අපේම වුනා..

මම වෙනස් කරා.. මට අවැසි ලෙස ඔය මුලු ජීවිතයම මම වෙනස් කලා..

මම සතුටු වුනා.. ඒ වෙනස්කම් ඉස්සරහ ඇති වෙන ඔය කීකරුකමට.. මගේ සිතුවිලි තුලින් පාලනය වීමට නුඹ  දක්වන කැමැත්තට..

මම විශ්වාස කරා.. එය නිවැරදි බව.. ඔය ජීවිතය පාලනය කීරිම.. ඔය ජීවිතය මා සතු කර ගැනීම නිවැරදි බව..

ඒත් මට වැරදුනා..  එක තැනකදි මට වැරදුනා.. මම නුඹටම නුඹව අහිමි කල  බව මට නොවැටහුනා.. ඒ අහිමි කිරීම විටක සදහටම අපිට අපිවම අහිමි වීමට හේතු දෙන බව මට නොවැටහුනා..

සිර වූ ජීවිතයක් නිදහස ලබනා විට සීමා මායිම් නොතකා පියාසර කරනා බව මට නොවැටහුනා.. එහි ප්‍රතිපල බුක්ති විදිනා තුරුම මට එය නොවැටහුනා ...

නමුත් දැන් එය සිදුව අවසන්.. සියල්ලක්ම සිදුව අවසන්.. අතීතයේ වූ සෙවනැලිද අපව ගිල ගෙන අවසන්..

ඉතිං තව දුරටත් නුඹ මගේද ?? අපි අපේද ?? ඒ අතීත සෙවනැලි මතින් අවදිවන මේ දිනයන් කවුරුන්ගේද??

නුඹ වැරදිද??? අපව අපටම අහිමි කරනා ඒ සෙවනැලි  නුඹේ වරදක්ද?? නැතහොත් එය මගේ වරදක්ද??  එසේත් නොමැතිනම් එය අපේ දෛවයද??

දෛවය යනු කුමක්ද ??  අපව වෙන් කරනා මේ දෛවය යනු කුමක්ද ?? තවත් කොතරම් කලක් අපට එය හා සටන් කල හැකිද?? දැනටමත් හති වැටී ඇති මා හට එය තව කොතරම් කලක් සිදු කල හැකිද??

My White calla Lily [ Completed ]Where stories live. Discover now