CHAPTER 43

1K 317 63
                                    


"My mistress eyes are nothing like the sun.. "

" coral is far more red than her lips' red.. "

" if snows be white , why then her breasts are dun.. "

" if hairs be wires, black wires grows on her head.. "

වේලාව උදෑසන දහයද පසුවී විනාඩි කිහිපයක් ගත වී ගොස් තිබුනේය..

නැනී බේලා විසින් ටේහ්‍යුන්ග් ගේ හා ජංකුක් ගේ උදෑසන ආහාරයද, ජංකුක්ගේ උදෑසන බෙහෙත් පෙති කිහිපයද රැගෙන පැමින ඔවුන් නිදා සිටි කාමරයෙහි දොරට තට්ටු කිරීම නිසාම සුවපහසු නින්දක පසු විවද ඇයගේ කට හඩින් අවදි වූ ටේහ්‍යුන්ග් ,තවමත් නිදා සිටිනා ජංකුක් දෙස බලා සිටියේය..

ඔහු කල්පනා කලේය.. තමා මුල්ම දිනයේදී ජංකුක් ව දකිනා විට ඔහු තුල තිබූ ගැහැනියකට හෝ ලෙහෙසියෙන් උරුම නොවනා ඒ ආකර්ශනීය සුන්දරත්වය පිලිබදව කල්පනා කලේය.. ඒ දිනයන් වල ඔහු සතු වූ කිරි ගරුඩ පැහැයට සමාන වූ පැහැයද , දිගු ඇස් පිහාටු සහිත වූ දෑස් ද, ඉතා පිරිපුන් පිටුපස පෙදෙස සහ තම එක් අතකින් ආවරනය කර ගත හැකි ලෙස සිහින් බවින් යුතු වූ ඔහුගේ ඉන පෙදෙසද , නිරන්තරයෙන්ම රත් පැහැයෙන් සැරසෙන ඔහුගේ දෙතොල් සහ කන් පෙතිද ටේහ්‍යුන්ග් සිය මතකට නගා ගත්තේය..

නමුදු තමා මීට මාස කිහිපයකට පෙර ජංකුක් ව නැවතවරක් දකිනා විට ඔහු තුල වූ එම සින්දරත්‍ව ඔහු හට සම්පූර්ණයෙන්ම අහිමිව පැවති ආකාරයද , නමුදු ටිකෙන් ටික ඔහු යථා තත්වයට පත්ව මේ වන විට ඔහු සතුවන සුන්දරත්වය පිලිබදවද ටේහ්‍යුන්ග් කල්පනා කලේය..

නමුත් පෙර ජංකුක් තුල පැවතී ඒ පරිපූර්ණ වූ ඉතා ආකර්ශනීය සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැවත වරක් ජංකුක් හට ලගා කර ගත හැකි බවට ටේහ්‍යුන්ග් තුල කිසිදු විශ්වාසයක් නොතිබුනේය..

නමුදු ටේහ්‍යුන්ග් ගේ සිත තුල එක දෙයක් පිලිබදව විශාල වූ විශ්වාසයක් පැවතුනේය..

එනම් ජංකුක් ගේ ආකර්ශනීය බව කෙතරම් පිරිහී ගියද , තම සිත තුල ඔහු පිලිබදව ඇති ආදරයෙහි කිසිදු වෙනසක් සිදු නොවනා බව  ඔහු මේ වන විට තේරුම්ගෙන අවසන්ව  සිටියේය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now