CHAPTER 13

2.3K 500 107
                                    

ඒ 1975 වසරේ සැප්තැම්බර් 05 වන දින විය.. මුලු කොරියාවම කෙමි කෙමින් සීත ඍතුව බලා පොරොතුවෙන් රැදී සිටින්නට විය..

බැලේ ප්‍රසංගය සදහා හරියටම තව දින හතක පමන කාලයක් ඉතිරිව තිබෙන්නට විය.. එ නිසාම ජංකුක් හට තම සිත එක්තැන් කර ගත නොහැකි තරමේ නොසන්සුන් බවක් දැනෙන්නට විය.. එමෙන්ම දිනය පුරාම පුහුනුවීම් කටයුතු වල නිරත විම නිසා ගතටද තරමක පමණ මහන්සියක්ද දැනෙන්නට විය..

එනිසාම රාත්‍රි අට පමන වන විට රාත්‍රී ආහාරය ගත් ඔහු ටේහ්‍යුන්ග් ගේ කාමරය වෙත ගොස් නින්දට යාම සදහා සූදානම් විය.. ඇත්තෙන්ම ඔවුන්ගේ ආදරයෙහි ලස්සන මතකයන් රාශියක් ගැබ් වී ඇති මෙම කාමරය ජංකුක් ගේ සිත සුලු තරමින් හෝ සැහැල්ලු කිරීමට නිතරම උපකාර කරන්නට විය.. නමුත් වෙනදා නොදැනුනා වූ වෙනස්ම නොසන්සුන් කමක් ජංකුක් හට එදින දැනෙන්නට විය.. එනිසාම තම දෑස් තද කර පියා ගත් ජංකුක් තම සිත සැහැල්ලු කර ගැනීමට විවිද උත්සාහයන් ගන්නට විය..

නමුත් ටේහ්‍යුන්ග් ගේ දෑත් තම ඉනවටා එතී ඇති ආකාරයද තම හිස ඔහුගේ පපුවට හේත්තු වී තිබෙනා ආකාරයද ඔහුගේ සිතට නැගෙන්නට විය.. එමෙන්ම ඔහුගේ දෙතොල් තමාව සිප ගන්නා ආකාරයද , ඔහුගේ උනුසුම් වූ අතැගිලි තම සිරුර පුරා යන ආකාරයද පමනක්ම ජංකුක් ට සිහි වන්නට විය..

කොතරම් උත්සාහයක් ගත්තද තමාටද පාලනය කර ගත නොහැකි තරමින් තම හිත ටේහ්‍යුන්ග් වම ඉල්ලනා බව තේරුම් ගත් ජංකුක් මතකයේ තිබූ බයිබලයෙහි වදන් එකි නෙකින් මතක් කරන්නට විය.. එය ඔහුගේ සිත සැහැල්ලු කිරීමට උපකාර වේ යැයි ඔහු සිතන්නට විය... වසර ගනනකින් අලුත් නොවූ මතකය තුල මුලු බයිබලයම කට පාඩම් තිබූ ඔහුට එහි වූ සමහරක් දෑ මේ වන විටද අමතකව ඇති බවද තේරුම් යන්නටද විය.. එනිසාම තමා හට අමතක වූ එම කොටස් නැවත නැවත මතක් කර ගැනීමට ජංකුක් උත්සාහ කරන්නට විය..

" ජීවිතය හා ශරීර සෞඛ්‍ය දෙවියන් සහන්සේගෙන් අප ලද අමිල දීමනාය..
මනුෂ්‍යාගේ ශාරීරික සුවය පිලිබදව සැලකීමේදී ආහාර , වස්ත්‍ර , නිවාස , සෞඛ්‍ය , මූලික අද්‍යාපනය , රැකියා හා සමාජ සහයෝගය වැදගත්‍ ය.. මෙම අවශ්‍යතා ඉටු කර ගැනීමට කරනා උත්සාහයේදී මිනිස් සබදතා පවා බිද දමා දුරාචාරයට හෝ අයුතු බල පෑමට මිනිසා .... මිනිසා පෙලබෙයි.. ඊලගට... ඊලගට ඒකේ තිබුනු වාක්‍ය මොකක්ද?.. ඒක.. ඒක මට මතක නෑ නේ... ඒක.. ඒක කොතන තිබුනු දෙයක්ද ? ගීතාවලිය.. ගීතවලියෙද ඒක අන්තර්ගතව තිබුනේ... නෑ.. නෑ ඒක එකේ නෙමෙයි.. ඒක කතෝලිකසභා ධර්මෝපදේශය 2280 - 2281.. ඔව්.. ඒක ඒකෙ තමයි තිබුනේ.. ඒත් ඇ‍යි ඉතුරු ටික මට මතක නැත්තේ.. ඉස්සර ඒ ඔක්කොම දේවල් මට හොදට මතකයිනේ... මම..මම දැන් වෙනස් වෙලා.. ගොඩක් දේවල් මට අමතක වෙලා. ඒ වෙනුවට වෙනත් දේවල් ගොඩක් මගේ මතකයට ඇවිත්.. ඒත්.. ඒත් මම වැරදිද?... ආදරය .. ආදරයෙන් මගේ හිත පුරව ගත්ත එක වැරදිද? නෑ දෙවියන් වහන්සේ හැමෝටම ආදරය කරන්න කියලයි කිව්වේ.. ඒත්.. ඒත් තවත් පිරිමියෙක් ට ආදරය කරන එක ගැන සදහන් කරලා නෑ නේද ? එතකොට.. එතකොට මම මේ කරන්නේ වැරැද්දක් ද? එ නිසා දේවියන් වහන්සේ මාත් එක්ක තරහා වෙලාද ? මගේ පවු වලට කවදාවත්ම මට සමාව නොදේවිද? වැරැද්දක් බව දැන දැන එය සිදු කිරීමට තරම් මම බිය රහිත වූයේ කෙලෙසද ? නමුත් එය වැරදීද? ජූජී.. බ්‍රදර් ජූජී මම ගැන දැනගත්තොත් මොනවා හිතයිද ? හැම තිස්සෙම ආදරය , කාමය , ඇලීම වගේ සිතුවිලි වලින් පිරිලා තියෙන මගේ හදවත ගැන ඔහු දැනගත්තොත් මා පෙර පල්ලියේ සිටි ජංකුක් නොවනා බව ඔහු අනිවාරෙන්ම සිතයි.. ඒත්... ඒත්... මම කොහොමද මාව පාලනය කරගන්නේ.. ඒ හැගීම් පාලනය කර ගන්නේ.. මගේ හිතට දැනෙනා දේ පාලනය කරගන්නේ..

My White calla Lily [ Completed ]Where stories live. Discover now