2.ඩෙස් එක සහ ලස්සන අත්

306 90 20
                                    

යහන්සගේ හදවත ඇදුනු පිරිමි ලමුන් දෙදෙනෙක් සිටියාය.

ඒ දෙදෙනා නිසා යහන්සා පෙරලගත් බාල්දි ගාන ඉතා අධිකය. මෙතැන් සිට ඒ බාල්දි කිහිපයක් දිග හැර දක්වන්නෙමි.

නමය වසරට පා නගපු දෙවන දවස.

යහන්සාලගේ පන්ති කාමර තිබූ එක තට්ටුවේ ගොඩනැගිල්ල කඩා දමන්න තීරනය ගත් නිසා වෙන හිස් පංතියකට යාමට ඔවුන්ට සිදුවිය.

බොහෝම අමාරුවෙන් මේසයක් උස්සගෙන යහන්සා නව කාමරය වෙත පියනගන්න විය. යහන්සා මද දුරක් හති දමමින් ඉන තරමට පමනක් මේසය ඔසවා තාරාවෙකු මෙන් ගමන් කරයි.

එක්වරම ඉදිරියට පැනපු අයෙක් යහන්සාගේ මේසය මතට වේගයෙන් ගැසුවේය.

" මොනාද ඕයි කරන්නේ ?! "
‍යහන්සා කෑගසා බැනවැදීමට සිතුවද තම මේසය මත වූ අත දැකීමෙන් වචන ගිලගත්තේය.

" ලස්සන සුදු හීනි දිග ඇගිලි 😍 දැක්කම හපන්න හිතෙනවා "යහන්සාට සිතිනි.

" සොරි බට්ටී මම දැක්කේ නෑ "

එසේ පවසා පසෙකට වන පිරිමි ලමයා දෙස යහන්සා බලා සිටියාය.

" සුදු කෙට්ටු කොන්ඩේ ස්ට්‍රේට් කොල්ලෙක් "

" මූගේනම් අම්මා හරි අප්පා හරි චීනෙක් වෙන්නම ඕන "

ඇත්ත වශයෙන්ම ඔහුට එවැනි පෙනුමක් තිබින.

" මෙතන පාර මැද්දේ ඩෙස්ක් එක උස්සන් උබ අහවල් එක කොරනවද? "
යහන්සාගේ හොදම යහලුවා.

" නෑ බන් අහවල් එක කොරගන්න එකෙක් හම්බුනා "

යහන්සාගේ කස් එක මුලින්ම හම්බුනේ ඕන්න ඔහොමයිලූ.



ලස්සනද දන්නෑ.
වෙනස් විදියට ලියන්න හිතුවා. අනේමන්දා ඉතින්.

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now