යහ්න්සාට උදේ නැගිටිනවා කියන්නේ මරනවා වගේ වැඩක්.
එහෙම දවසක ඔන්න උදේ අමාරුවෙන් නැගිටලා ලෑස්තිවෙලා ඉස්කෝලේ බස් එකට නැග්ගලූ.
සුපුරුදු පරිදි කොන්ඩේ බාගෙට ගොතන් රිබන්දෙක සාක්කුවට දාගෙන සපත්තු දෙකත් බාගෙට දාගෙන් බස් එක ලගට දුවන් ගිහින් ආයේ හැරිලා ගේ ඇතුලට දිව්වේ කන්නාඩි දෙක අමතක වෙලා නිසා.
කන්නාඩි දෙක ගෙන්න ඇතුලට ගිය වෙලේ ඉදන් බස් අංකල් හෝන් එක උඩ පුප තද කොරන් ඉන්නවා.
ඔන්න ඔක්කොම හරි බස් එකට නැගලා තනි සීට් එකකින් වාඩි වුනා.
ඔන්න ඔක්කොම හරි ගස්සගත්තා.
කොන්ඩ පටි ගැටගැහුවා.
සපත්තු ලේස් ගැටගැහුවා.
බීක් කටු ටික කෝ
ආ........ ටයි එකේනේ
හෑහ් හුටා ටයි එක කෝ
යහන්සාට දෙලොව රත් වුනේ නෑ එයා රත් උනා.
හැමදාම බීක් කටු අමතක වෙන නිසා ඒවා ටයි එකේ පැත්තකින් අමුනනවා එතකොට අමතක වෙන්නෙ නෑනේ 👍
ඒත් දැන් ටයි එකම අමතක කොරලා.
බස් එකෙන් බස්ස ගමන් ශිෂ්‍යය නායක අක්කට වැදලා තමා ඇතුලට ගියේ මොකද ඉක්කෝලේ අනන්‍යතාවයක් නැතුව ඉස්කෝලේ ඇතුලට ගන්නේ නෑනේ.
යහන්සා දූවාලා ගියේ ලයිබ්‍රි එකට.
හුටා ලයිබ්‍රි එක අරින්නේ 8.30 🤧
අන්තිමේදි අටයි තිහ වෙනකන් එතන ඉන්න උනාලූ.
යන යන ටීච හැරිලා අහනවා
" මොකෝ මේ "
එතකොට යහන්සගේ උත්තරේ
" හී හී ......... ටයි එක අමතක් වුනා "
හොද සිහියෙන් ඉන්න ලමයෙක්. 🤧 හුම්ම්
Kishu :-)
YOU ARE READING
Miss. Nutloose
Short StoryRePublisheD StorY ඔන්න එකෝමත් එක කාලෙක අහිංසක හැදිච්ච කෙලි පොඩිත්තක් හිටියා. කියන්න තරන් දෙයක් නෑ කැමතිනම් කියවලා බලන්න.