15. විහාග සීන්

204 75 6
                                    

ඔන්න දහය වසරේ වාර විභාගේත් ආවලු.

යහන්සා අමාරුවෙන් පාඩන් කොරලා කොරලා ගියාට ගියපාර කොපි කොරපු සමහර ඈයෝ යහන්සටත් වඩා ලකුනු ආවලු.

ඉතිහාසය පාඩන් කරනවා කරනවා පාඩන් හිටින්නේ නෑලු

යහන්සාටත් හිතුනලු කොපි පාරක් ගහන්න.

ඉතින් යහන්සා පැලෑනක් ගැහුවලු.

(මේක කියවන ඈයෝ අත්හදා බලන්න යන්නෑ හොදේ)

කොලයක් උඩින් තව කොලයක් තියලා ශෝර්ට් නෝට් එකක් ගැහුවලු.

උඩ කොලේ තදට ලිව්ව නිසා එකෙ පාර යට කොලේ වැදුනලු.

ඔන්න ඔහොම ලියන් යහන්සා ඉතිහාසය ලිව්වලූ.

ඔන්න ලකුනු පහේ ප්‍රශ්නයකට දිව හපන් උත්තර ලිය ලිය ඉද්දි එකපාරම යහන්සගේ කොල ටික කවුරු හරි උස්සලා ගත්තලූ.

යහන්සා ගැස්සිලා ගියේ ඒ හිටියේ ටීචර් නිසලූ.

" හිමිච්චී වගේ ඉදන් කරන වැඩද මේ,
මං හිතුවා හොද ලමයෙක් කියලා, ඉන්නෙනම් දහයට ගනින්න බෑ වගේ, හොර වැඩනම් හොදට පුලුවන්නේ,
කොහෙන්ද මේ හොර වැඩ කරන්න මොලේ ආවේ,
ඕක පොඩ්ඩක් හොල්ලලා බලනවා එතකොට පාඩන් කරන්න මොලේ පෑදෙයි. "

යහන්සාට පොලෝ පලන් යන්න හිතුනලු. 🤧

ඕක අම්මටත් කිව්වලූ.
අම්මගෙනුත් බැනුම් ඇහුවලූ.

අන්තිමේදි දඩුවමක් විදියට

අම්මා ඉස්කෝලේ ට්‍රිප් එක යන්න තහනම් කලාලු.
එදා ට්‍රිප් එක දවසේ අම්මා යහන්සාව උදේ පාන්දර නැගිට්ටවලා. පාඩන් කරනකන් පොල්ලකුත් ලග තියන් හිටියලු.
😭😭😭😭😭😭😭😭🤧🤧🤧🤧

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now