4.පංතිකට්

256 79 8
                                    

යහන්සා නර්තන විශය හදාරන දරුවෙකි.
එහෙත් පාසලේ නර්තන ගුරුතුමිය පිලිබද යහන්සට තිබුනේ පුදුම ආදරයක් ඒ ආදරෙ කොපමනද කියනවනම් නැටුම් පිරියඩ් එකෙදි ටීචගේ අම්මා තාත්තා මතක් කරන වාර අනන්තයි.
ඒ ආදරේ යහන්සට විතරක් නොවේ යහන්සාගේ පංතියේ නර්තන විශය හදාරන අනෙක් සිසුන් තුලද පැලපදියම් වී තිබිනි.

දවසක් පංතියේ සිසුන් කිහිප දෙනෙක් නැටුම් වලට නොයා ඉන්න තීරනය කලා. පන්ති දෙකකට එකම වෙලාවේ උගන්නන නිසා අවුලක් නැතිවෙයි කියලා හිතන් හිටියලු.

ඒත් ගුරුතුමී විස්තරේ දැනගෙන ඒක අංශ ප්‍රධාන සර්ට කිව්වා.

" ලැජ්ජ නැතුව ඉන්න හැටි විතරක්
උඹලා චන්ඩිද
උබලා ඔක්කොගෙම අම්මලා තාත්තලට එන්න කියන්න ඕන "

" ආන්න හරි සර් මේ ලමයි හරියට වැඩක් කරන්නෙම නෑ " ඒ ටීචර්

" අනේ සර් අම්මලට කියන්න එපා "
සමහර ලමයි මුනු ඇබුල් කර ගන්න ගත්තා.

ඔය සිද්දි අස්සේ යහන්සා දැක්කා කස් එක මේ ජරමරේ බලන් ඉන්නවා.

කෙල්ලට හිතුනා පොඩ්ඩක් කැපිලා පෙන්න

" සර් අම්මලට කියන්න එපා ඕනෙනම් අපිට ගහන්න "

" ආ ඇත්තද එහෙනම් ඔයාගෙන්ම පටන් ගමුකෝ "

වැඩේ වැරදුනත් වගේ චන්ඩියෙක් වෙන්න ගියානම් දැන් ඉතින් ගුටිත් කාපන්කෝ

" හ්ම් ඇවිත් බිත්තියෙන් අත් දෙක තියාගන්නවා "

යහන්සා යන්නෙ නැතුව ටික වෙලාවක් බලන් හිටියේ සර් විහිලුවට කිව්වා කියල හිතලා.

" එනවා එනවා මටතව වැඩ තියනවා "
ඒ කෑගැහිල්ලත් එක්කම යහන්සා බිත්තිය ලගට විසික් වුනා.

අංශප්‍රධාන සර් ටීචගේ අතට වේවැල දුන්නා.

අම්මාහ්........... මාර සනීපයි වේවැල් දෙකක් එකට එකතු කොරලා ගැටගහපු වේවැලකින් පුපට ගැහුවම පට්ට සනීපයි.

ඔහොම ශොට් දෙකක් විතර කෑවම සර් කියපි

" හ්ම්.......... දැන් උබලා යනවා ආයේ පංති කට් කලෝත් ඇත්තමයි මං උබලට හොද වැඩක් කරනවා "

අන්තිමට යහන්සගේ කට නිසා දිව්‍යලෝක සැපක් ලැබුනා. එදා දවසේ වීරයා වුනේ යහන්සා.

‍යහන්සා එදා වාඩිවෙන පාරක් පාරක් පාසා තමන්ගේ මෝඩකම මතක් වුනා.

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now