22. ටොපිය

226 78 19
                                    

මේකත් කියලම යන්නම්.

ඔන්න සාමන්‍ය පෙල ගණිතය ලියන දවසත් ආවා.

පලවෙනි පේපර් එක ලිව්වම පැයක වගේ ලොකූ බ්‍රේක් එකක් දුන්නා.
සමහරක් විට මාරුවෙච්ව වයර් ටික හරි ගස්ස ගන්න වෙන්න ඇති.

ඔන්න යහන්සයි යාලුවෝ ටිකයි සල්ලි එකතු කලාලු. ඉස්කොලේ ඉස්සරහ තියෙන ශොප් එකෙන් කෑම ගන්න.

පෙරමුන අරගත්තේ යහන්සා.

" මෙතන තියන සම්පූර්න ගානෙන්ම කෑම ගමූ. "

ඔන්න කිව්වා වගේම එකතු කරපු සල්ලි ඉවර වෙන්නම කෑම ගත්තලු

ඒත් ඉතුරු සල්ලි විදියට රුපියල් දෙකක් වගේ හම්බුනාලූ.

" මෙකෙන් මොකද කරන්නේ "

" ටොපියක් වත් ගනින් "

" ඔන්න ඒ ශෝප් එකේ අයියා හැක්ස් ටොපියක් දුන්නලු. (අයියා හැන්සම් හොදේ )

ගත්තට මොකද එකෙක් හැක්ස් ටොපිය කෑවේ නෑලු.

" මොන ඉලව්වකටද ගන්න කිව්වේ "

" උබම කාපන් "
යහන්සගේ යාලුවෝ කිව්වලූ.

ඔන්න යහන්සා මහා බර දෙයක් අතේ තියන් ඉන්නවා වගේ ටොපිය අල්ලන් ඉන්නවලු.

ඔන්න පාර පැනලා ඉස්කොලෙට යනකොට අයියා බබෙක් ඉන්නවා ලීෆ්ලට් වගයක් බෙද බෙද යහන්සා ඉස්කොලේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට ඒ අයියා බබා යහන්සට ලීෆ් ලට් එකක් දික්කලාලූ.

යහන්සා ලීෆ්ලට් එක අරන් අර අයියගේ අතට ටොපිය දීලා. පස්ස නොබලා දිව්වලූ.

යහන්සාගේ පිටිපස්සෙන් ආපූ යාලුවෝ දැක්කේ නෑ වගේ අහක බලන් ශේප් එකේ ගෙට්ටුවෙන් ඇතුලට ලිස්සුවලු .

" මොකක්ද යකෝ ඒ කලේ "
ඔන්න පටන් ගත්තා මිතුරු කෑගැහිල්ල.

" ඉතින් උබලා කන්නෙත් නෑ මං කන්නෙත් නෑ ඒනිසා දුන්නා. "

" ශික් උබ දැක්කෙ නෑනේ උගේ මූනෙ තිබ්බ ෆ්ලවර් හිනාව. "

" ඇච්චද , හයියෝ මට සැජ්ජයි " යහන්සා අත් දෙකෙන් මූන වහගත්තලු. පව් එයාට ලැජ්ජ හිතිලා.





මේක ගොඩක් කල් එකක්.......
මෙච්චර නසරානි කෙල්ලෝ නෑ.....තනිකර මගේ සංකල්පයක්  😁

හුම්ම්.....

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now