21.මල් ඉහිරිලා චොර වෙලා කුනු වෙලා ගියා.

232 74 23
                                    

ඉස්සෙල්ලා චැපියේ නමයි. මේකේ නමයි එකට තාලෙට කියලා බලන්න හොදේ.🤧

කියවන ඇත්තෝ සැපෙන් ඇත්තේ නේ දැන් සෙට් කියලා.

ඔව් ඔව් යහන්සත් සැපෙන් හිටියා.

යහන්සා විභාගේ පාස් වෙන්න මූලිකම හේතුව වුනේ එයාගේ පෙම්වතා (කස් එක) තමා.

හේතුව තමා මේ කියන්න යන්නේ.

යහන්සගේ අකුරු පට්ට ලස්සනයි. කිව්වොත් බොරු පට්ට කැතයි.🤧 කිව්වොත් ඒත් බොරු .දෙක මැද්දෙන් වගේ තමා තිබුනේ.

කොල්ලා අමු කම්මැලියා. මූ නෝට් ලියන්නෙම නෑ. ඒ නෝට් ඔක්කොම පන දාන් ලිව්වේ අපේ එකී. ඒනිසාම පාඩන් කරන්න ඕන නෑ හුග්ක් ඒවා මතක් හිට්ටා

යහන්සගේ ක්ලාස් එකේ ICT කරන කෙල්ලෙක්ට හිටියේ යහන්සා විතරයි.
අනික් එවුන් සෞඛ්‍ය.

හැමදාම යහන්සා ICT වලට ගියේ ආවේ කස් එකත් එක්ක,
යාලුවෙන කලින් හොදේ.

සමහර දවස් වල යහන්සා ක්ලාස් කට් කරන කොට කස් එක බැනලා ලැබ් එකට එලෙව්වා.

මොකද මේකි නොගියොත් උටත් නෝට් එක නැති වෙනවනේ.

දෙන්නා අත් අල්ලන් ඉන්නවා තව.......................තව...........................තව...................තව........ මුකුත් නෑ
බන් එච්චරයි කොලේ කිස් එකක් වත් දුන්නේ නෑ. ඇත්තටම යහන්සාට වෙලාවක් තිබ්බෙත් නෑ. යහන්සා තමා පංති නායිකාව එයා ඒ වගකීමුත් ඉශ්ඨ කරන්න ඕනනේ.

මොනා නැත්තත් කොල්ලගේ නෝට් ටිකනම් මේයා සම්පූර්ණ කලා.

පස්සේ නෝටුත් සම්පූර්ණ කොරලා දෙවනි වාර විභාගේ ලං වුනාම කස් එක යහන්සට මෙහෙම කිව්වලූ.

" මේ......... කලබල වෙන්න එපා මං දෙයක් කියන්නද, අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ, ඔයා ගොඩක් අහිංසකයි. මට හැමතැනම කෙල්ලෝ ඉන්නවා. අපි මේක නවත්තමු "

" හම්, හරි "

කොල්ලා කට ඇරන් යහන්සා දිහා බලන් හිටියලූ. ඌ ෆුල් හොලමන්.

ඒක ඒ විදියට අවසන් වුනා.








යහන්සා එයාගේ යාලුවන්ට මේ දෙවල් කියන්න එපා කිව්වේ ඇයි දන්නවද.

යහන්සා දන්නවා මේක කිව්වොත් ඒකොල්ලා තමන් එක්ක යාලුවෙනවා කියලා. ඒත් ඒ ආදරේට නෙමේ. අනුකම්පාවට, යාලූවගේ හිත රිද්දන්න බැරිකමට.

කොහොම උනත් බලෙන් කෙනෙක්ගේ හිතේ ආදරේ පැලපදියම් කරන්න බෑ. ආදරය අමුතු හැගීමක් ඒක එන්න ඕන හදවතින්.

මොනා වුනත් යහන්සා කියන්නේත් මනුස්සයෙක් අර කොල්ලා අරම ඇවිත් අත අල්ලලා මං ඔයාට කැමති කිව්වම බෑ කියලා කියන්න ඕන වුනත් යහන්සා ඒහෙම කියන්න ලෝබ වුනා.

යහන්සා කියන්නේ පිස්සු මගුලක් තමා ඒත් මෝඩ නෑ. ඒක මං කියන්නේ ආඩම්බරෙන්.

එයා හැම මොහොතකම හොදින් හිතට කිව්වා. කවදාහරි මේ ආදර රංගනය නතර වෙනවා කියලා. ඒදාට තමන් ශක්තිමත්ව ඉන්න ඕන කියලා.

එයා ඒක කලා. දැන් හිතයි යහන්සා ඒ කොල්ලාට ආදරේ ඇත්තටම කලද කියලා. කලා නෙමෙ තාමත් කරනවා. 🙂

කොල්ලා ලව් එක බේක්අප් කලා කියලා. තමන්ගේ ජිවිතේ නැති කරගන්න ගියේ නෑ.

කොල්ලා එක්ක කතා නොකර තරහ වුනෙත් නෑ. තාමත් ඒදෙන්නා යාලුයිද කියලා හිතෙන තරන් ඒ දෙන්නා තාමත් ෆිට් එකේ ඉන්නවා. සතියකට දෙකකට පාරක්වත් මැසෙජ් එකක් දලා තාම ජීවත් වෙනවද කියලා හොයලා බලනවා. දෙන්නම පොටොග්‍රැපි වලට ආස නිසා අදහස් බෙදාගන්නවා.

ඒකතමා වැදගත්. කියලා මට හිතෙනවා.

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now